නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ,
2 තෙසලෝනික 2:17 - Sinhala Revised Old Version නුඹලාගේ සිත් සනසා, සියලු යහපත් ක්‍රියාවලද වචනවලද නුඹලා ස්ථිරකරනසේක්වා. Sinhala New Revised Version ඔබගේ සිත් ධෛර්යවත් කර, සියලු යහපත් දේ කීමට ද කිරීමට ද ඔබ ශක්තිමත් කරන සේක් වා! සිංහල කාලීන පරිවර්තනය ඔබගේ හදවත් ධෛර්යවත් කරන සේක්වා! සියලු යහ වැඩෙහි හා කතාවෙහි ඔබ ශක්තිමත් කරන සේක්වා! Sinhala New Revised Version 2018 ඔබගේ සිත් ධෛර්යවත් කර, සියලු යහපත් දේ කීමට ද කිරීමට ද ඔබ ශක්තිමත් කරන සේක් වා! |
නුඹලා සනසන්නේ මමමය. නැසී යන මනුෂ්‍යයාටත් තෘණ මෙන් පහව යන මනුෂ්‍ය පුත්‍රයාටත් භයවෙන්ටද නුඹේ මැවුම්කාරවූ,
මක්නිසාද ස්වාමීන්වහන්සේ සියොන් සැනසූසේක. උන්වහන්සේ ඇගේ සියලු නටබුන් තැන් සනසා, ඇගේ වනාන්තරය ඒදන් මෙන්ද ඇගේ කාන්තාරය ස්වාමීන්වහන්සේගේ උයන මෙන්ද කළසේක; ප්‍රීතිමත්කමද සන්තෝෂයද ස්තුතිදීම සහ ගීතිකා හඬද එහි සම්බවේ.
මක්නිසාද උසස්වූ, උත්කෘෂ්ටවූ, සදාකාලයෙහි වසන්නාවූ ශුද්ධය යන නාමය ඇති තැනන්වහන්සේ මෙසේ කියනසේක. මම උසස්වූ ශුද්ධවූ ස්ථානයෙහිද යටහතුන්ගේ ආත්මය ප්‍රාණවත් කරන්ටත් පොඩිවී සිටින්නන්ගේ සිත ප්‍රාණවත්කරන්ටත් තැළුණාවූ යටහත් ආත්මයක් ඇත්තා සමඟ වාසයකරමි.
උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න.
මනුෂ්‍යයෙකු තමාගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි; යෙරුසලම තුළද නුඹලා සැනසෙනවා ඇත.
මක්නිසාද නුඹලා ස්ථිරවන හැටියට නුඹලාට යම් කිසි ආත්මික දීමනාවක් දෙන ලෙස නුඹලා දක්නට ආශාවෙමි.
ඉඳින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් නුඹලා අධික බලාපොරොත්තුවෙන් යුක්තව සිටින පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ ඇදහිල්ලෙන් වූ සියලු ප්‍රීතියෙන්ද සමාදානයෙන්ද නුඹලා පූර්ණකරනසේක්වා.
ඉතින් සදාකාලය පටන් නිශ්ශබ්දව තිබී, දැන් එළිදරව්වී තිබෙන, අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලින් ප්‍රකාශ කරනලදුව, ඇදහිල්ලේ කීකරුකම පිණිස සියලු ජාතීන්ට සදාකාලික දෙවියන්වහන්සේගේ ආඥාව ලෙස දන්වනු ලැබුවාවූ,
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී නුඹලා දෝෂ රහිතව සිටින පිණිස උන්වහන්සේ අන්තිම දක්වා නුඹලා ස්ථිර කරනසේක.
නුඹලාට ඉගැන්නූ ලෙසම නුඹලාගේ ඇදහිල්ලෙහි පිහිටා, බොහෝසෙයින් ස්තුතිදෙමින් උන්වහන්සේ තුළ හැසිරෙන්න.
මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල නුඹලාගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.
මේ දුක්වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, නුඹලා ස්ථිරකිරීමටත් නුඹලාගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත්, අපේ සහෝදරයාද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාද වූ තිමෝතියස් එවීමුව.
තවද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේමද අපට ප්‍රේමකොට, සදාකාල සැනසිල්ලත් යහපත් බලාපොරොත්තුවකුත් අනුග්‍රහය කරණකොටගෙන අපට දුන් අපගේ පියවූ දෙවියන්වහන්සේද,
නුමුත් ස්වාමීන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ නුඹලා ස්ථිරකොට නපුරාගෙන් ආරක්ෂාකරනසේක.
අනේකාකාරවූ අමුතු ඉගැන්වීම් කරණකොටගෙන අහකට ගෙනයනු නොලබන්න. මක්නිසාද කෑම ගැන ව්‍යාවෘතවූවන්ට ප්‍රයෝජනයක් වුණේ නැති නිසා කෑමවලින් නොව, අනුග්‍රහයෙන් සිත ස්ථිරවීම යහපත්ය.
එවිට ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්ගේ සදාකාල තේජසට නුඹලා කැඳවාගත් සියලු කරුණාවේ දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක.
ඉතින් නුඹලා නොපැකිලෙන ලෙස ආරක්ෂාකරන්ටත් මහත් ප්‍රීතියෙන් යුක්තව උන්වහන්සේගේ තේජස ඉදිරියෙහි කැලැල් රහිතව තබන්ටත් සමර්ථවූ,