Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 තෙසලෝනික 3:2 - Sinhala Revised Old Version

2 මේ දුක්වලින් කිසිවෙක් චංචල නොවන පිණිස, නුඹලා ස්ථිරකිරීමටත් නුඹලාගේ ඇදහිල්ල ගැන අවවාද කිරීමටත්, අපේ සහෝදරයාද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියෙහි දෙවියන්වහන්සේගේ සේවකයාද වූ තිමෝතියස් එවීමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 අපි තිමෝතියස් එවීමු. ඔහු වනාහි අපගේ සහෝදරයා ද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිරව සිටුවන්නට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 අපි තිමෝතියස් එවීමු. ඔහු වනාහි අපගේ සහෝදරයා ද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 තෙසලෝනික 3:2
24 හුවමාරු යොමු  

මම මේක විශ්වාස කරන බැවින්, මා ජීවත්වී, ඇදහීමෙහි නුඹලාගේ දියුණුවීමද ප්‍රීතියද සඳහා නුඹලා සියල්ලන් සමඟ සිටින්ට යෙදෙන බව දනිමි.


තීතස් වනාහි මාගේ පංගුකාරයෙක්ව, නුඹලා උදෙසා මාගේ හවුල් සේවකයෙක්ව සිටින්නේය. අපගේ සහෝදරයෝ වනාහි සභාවල ප්‍රේරිතයෝව, ක්‍රිස්තුස්වහන්සේගේ තේජසක්ව සිටිති.


මක්නිසාද අප කරණකොටගෙන, එනම් මාද සිල්වානස්ද තිමෝතියස්ද යන අප විසින්, නුඹලා අතරෙහි දේශනාකරනු ලැබූ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එසේය කියාත් නැත කියාත් වූවා නොව උන්වහන්සේ තුළ එසේය කියා වේ.


දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක්වූ පාවුල්ද අපගේ සහෝදරවූ තිමෝතියස්ද කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටත් අකාය මුළුල්ලෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් ලියා එවන වග නම්:


මාගේ හවුල් සේවකයෙක්වූ තිමෝතියස්ද මාගේ නෑයෝවූ ලූකියස්ද යාසෝන්ද සෝසිපාතර්ද නුඹලාට ආචාරකරති.


මෙසේ සභාවෝ ඇදහිල්ලෙහි ස්ථිරව, දවස්පතා ගණනින් වැඩිවූහ.


තවද ඔහු දර්බයටත් ලුස්ත්‍රාවටත් ආවේය. ඇදහිලිවන්ත යුදෙව් ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ තිමෝතියස් නම් ගෝලයෙක් එහි සිටියේය;


මෙසේ අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ සියලු ශුද්ධවන්තයන් සමඟ එන කල නුඹලාගේ සිත් අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධකමින් නිදොස්ව තිබෙන්ට ස්ථිරකරනසේක්වා.


නුඹලාගෙන් එක්කෙනෙක්වූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසෙයක්වූ එපප්‍රස් නුඹලාට ආචාරකරන්නේය; නුඹලා දෙවියන්වහන්සේගේ මුළු කැමැත්තෙහි සම්පූර්ණව නිසැකව සිටින පිණිස ඔහු යාච්ඤාවලින් නුඹලා ගැන නිතරම වීර්යකරන්නේය.


නුඹලාගෙන් එක්කෙනෙක් වන විශ්වාස ප්‍රේමවන්ත සහෝදරයාවූ ඔනේසිමස් සමඟ ඔහු නුඹලා ළඟට එවමි. මෙහි සියලු කාරණා ඔවුන් නුඹලාට දන්වනවා ඇත.


එසේ අප උදෙසා ක්‍රිස්තුස්වහන්සේගේ විශ්වාස සේවකයෙක්ව සිටින අපේ ප්‍රේමවන්ත හවුල් වැඩකාරවූ එපප්‍රස්ගෙන් නුඹලා ඉගෙනගත්තහුය.


දෙවියන්වහන්සේගේ කැමැත්ත කරණකොටගෙන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ප්‍රේරිතයෙක් වන පාවුල්ද සහෝදරයා වන තිමෝතියස්ද විසින්,


මාගේ සහෝදරවූ තීතස් සම්බ නූවූ බැවින් මාගේ ආත්මයට කිසි පහසුවක් නොලැබ, ඔවුන්ගෙන් අවසරගෙන මම මකිදෝනියට පිටත්ව ගියෙමි.


මේ පිණිස, ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රියවූ විශ්වාස දරුවාවූ තිමෝතියස් නුඹලා ළඟට එවීමි. මා සියලු තැන්වල සියලු සභාවලදී උගන්වන ප්‍රකාරයට ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ මාගේ මාර්ගයන් ඔහු නුඹලාට සිහිකරවනවා ඇත.


නුමුත් සීලස්ද තිමෝතියස්ද මකිදෝනියෙන් ආ කල, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්මයයි පාවුල් යුදෙව්වරුන්ට සාක්ෂිදෙමින්, වචනය දේශනාකිරීමේ වැඩේම යෙදී සිටියේය.


මට දෙනලද දෙවියන්වහන්සේගේ අනුග්‍රහ පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි; වෙන කෙනෙක් ඒ පිට ගොඩනගයි. නුමුත් එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.


තවද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශකරන්ට මා ත්‍රෝවසට පැමිණිකල ස්වාමීන්වහන්සේ තුළ මට දොරක් ඇර තිබෙද්දීත්,


මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.


නුඹලාගේ සිත් සනසා, සියලු යහපත් ක්‍රියාවලද වචනවලද නුඹලා ස්ථිරකරනසේක්වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්