ඒ දවසට පසුවදා ඔව්හු ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමින්, ගොන් දහසකුත් බැටළුවන් දහසකුත් බැටළු වස්සන් දහසකුත් දවන පූජාවල් කොටද ඒවායේ පාන පූජා සමඟ වෙනත් පූජාද බොහෝසෙයින්ම සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේට ඔප්පුකළෝය.
2 ලේකම් 7:5 - Sinhala Revised Old Version සාලමොන් රජ ගවයින් විසි දෙදහසක්ද බැටළුවන් එක්ලක්ෂ විසි දහසක්ද ඔප්පුකෙළේය. මෙසේ රජද මුළු සෙනඟද දෙවියන්වහන්සේගේ ගෘහය කැපකළෝය. Sinhala New Revised Version සලමොන් රජ ගවයන් විසිදෙදහසක් ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ද ඔප්පු කෙළේ ය. මෙසේ රජ ද මුළු සෙනඟ ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කළහ. Sinhala New Revised Version 2018 සලමොන් රජ ගවයන් විසිදෙදහසක් ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ද ඔප්පු කෙළේ ය. මෙසේ රජ ද මුළු සෙනඟ ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කළහ. |
ඒ දවසට පසුවදා ඔව්හු ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරමින්, ගොන් දහසකුත් බැටළුවන් දහසකුත් බැටළු වස්සන් දහසකුත් දවන පූජාවල් කොටද ඒවායේ පාන පූජා සමඟ වෙනත් පූජාද බොහෝසෙයින්ම සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා ස්වාමීන්වහන්සේට ඔප්පුකළෝය.
එහි සාලමොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට තිබෙන පිත්තල පූජාසනය පිට දවන පූජාවල් දහසක් ඔප්පු කෙළේය.
ඔවුන් ගෙනාවාවූ කොල්ලයෙන් ගවයන් සත් සියයකුත් බැටළුවන් සත් දහසකුත් ස්වාමීන්වහන්සේට ඔව්හු ඒ දවසේ පූජාකළෝය.
මම මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගා උන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන පිණිසත්, නිරන්තර පිදීමේ රොටි තබන පිණිසත්, උදේ සවසද සබත් දවස්වලද අමාවක්වලද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යවලදීද දවන පූජා ඔප්පුකරන පිණිසත්, ඒක උන්වහන්සේට කැපකරන්ට යමි. මේක සදාකල්ම ඉශ්‍රායෙල්ට නියෝගයක්ය.
මක්නිසාද යූදාහි රජවූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක්ද පූජා සඳහා සභාවට දුන්නේය; අධිපතීහුද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක්ද පවිත්‍රවුණෝය.
සාලමොන් රජු හා ඔහු වෙත රැස්ව සිටිය මුළු ඉශ්‍රායෙල් සභාව කියන්ටවත් ගණින්ටවත් බැරි තරම් බැටළුවන්ද ගවයින්ද පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය.
පූජකයෝද තම තමුන්ගේ තනතුරුවල යෙදී සිටියෝය; ලෙවීවරුත් ස්වාමීන්වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝය, ඔවුන් ලවා දාවිත් රජ ප්‍රශංසාකරවන විට: මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකාලේටම පවත්නේය කියා ස්වාමීන්වහන්සේට ස්තුතිකිරීමට දාවිත් විසින් ඒවා සාදවා තිබුණේය. පූජකයෝද ඔවුන් ඉදිරිපිටින් සිට නළා පිම්බෝය; සියලු ඉශ්‍රායෙල්වරුද නැගිට සිටියෝය.
අධිපතියාගේ යුතුකම නම් ඉශ්‍රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත් අමාවක්වලදීත් සබත් දවස්වලදීත් දවන පූජාද ආහාර පූජාද පාන පූජාද සපයාදීමය. ඉශ්‍රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්ට පාප පූජාවද ආහාර පූජාවද දවන පූජාවද ශාන්ති පූජාද ඔහු විසින් පිළියෙළකළ යුතුය.
දහස් ගණන් බැටළුවන්ටවත් දස දහස් ගණන් තෙල් ගංගාවලටවත් ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක්ද? මාගේ වරද නිසා මාගේ කුලුඳුලාත් මාගේ ආත්මයේ පාපය නිසා මාගේ ශරීරයේ ඵලයත් දෙම්ද?
පූජාසනය ආලේපකළ දවසෙහි අධිපතිවරු එය කැපකිරීම පිණිස තමුන්ගේ පඬුරු පූජාසනය ඉදිරියෙහි ඔප්පුකළෝය.