Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 7:10 - Sinhala Revised Old Version

10 පූජාසනය ආලේපකළ දවසෙහි අධිපතිවරු එය කැපකිරීම පිණිස තමුන්ගේ පඬුරු පූජාසනය ඉදිරියෙහි ඔප්පුකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 7:10
12 හුවමාරු යොමු  

අටවෙනිදා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූහ. මක්නිසාද ඔව්හු සත් දවසක් පූජාසනයේ කැපකිරීමද සත් දවසක් මංගල්‍යයද පැවැත්තුවෝය.


යෙරුසලමේ පවුර කැපකිරීමේදී ස්තුතිකිරීමෙන්ද ගීතිකාකිරීමෙන්ද අත්තල්වලින්ද වීණාවලින්ද මහ වීණාවලින්ද ප්‍රීති සහිතව කැපකිරීමේ උත්සවය පවත්වන පිණිස ලෙවීවරුන් යෙරුසලමට ගෙනෙන්ට ඔවුන්ගේ සියලු ස්ථානවලින් ඔවුන් සොයාගත්තෝය.


සාලමොන් රජ ගවයින් විසි දෙදහසක්ද බැටළුවන් එක්ලක්ෂ විසි දහසක්ද ඔප්පුකෙළේය. මෙසේ රජද මුළු සෙනඟද දෙවියන්වහන්සේගේ ගෘහය කැපකළෝය.


සාලමොන් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ ශාන්ති පූජා සඳහා ඔහු ගොනුන් විසිදෙදහක්ද බැටළුවන් එක් ලක්ෂ විසිදහසක්ද පුදකෙළේය. මෙසේ රජද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝද ස්වාමීන්වහන්සේගේ ගෘහය කැපකළෝය.


මුලාදෑනියෝද සෙනඟට කථාකරමින්: අලුත් ගෙයක් ගොඩනැගුවේවී නුමුත් එහි ගෙවදීම නොකළ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරීයේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ගෙවදීම කරනවා ඇත.


ස්වාමිනි, ඔබ වර්ණනාකරමි; මක්නිසාද ඔබ මා උසස්කළසේක, මාගේ සතුරන්ට මා සඳහා ප්‍රීතිවෙන්ට නුදුන්සේක.


එදා ඔව්හු මහත් පූජා ඔප්පුකොට ප්‍රීතිවූහ; මක්නිසාද දෙවියන්වහන්සේ ඔවුන්ට මහත් ප්‍රීතියකින් ප්‍රීතිවෙන්ට සැලැස්වූසේක; ස්ත්‍රිහුද දරුවෝද ප්‍රීතිවූවෝය. මෙසේ යෙරුසලමේ ප්‍රීති ඝෝෂාව දුරට ඇසුණේය.


තවද මෝසෙස් මණ්ඩපය පිහිටුවීම නිමවා ඒක ආලේපකොට ඒක විශුද්ධ කොට ඒකේ සියලු බඩුත් පූජාසනය හා ඒකේ සියලු භාජනත් ආලේපකොට ඒවා, විශුද්ධකළ දවසේදී,


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: පූජාසනය කැපකිරීම පිණිස අධිපතියෝ තමුන්ගේ පඬුරු ඔප්පුකෙරෙත්වා, එක එක අධිපතියා තම තමාගේ දවසෙහි එසේ කෙරේවායි කීසේක.


පූජාසනය ආලේපකළ දවසේදී ඒක කැපකිරීමට ඉශ්‍රායෙල් අධිපතිවරුන්ගෙන් ලැබුණු දේවල් මේවාය. රිදී තැටි දොළොසක්ය, රිදී තාලි දොළොසක්ය, රන් පාත්‍රා දොළොසක්ය.


ශාන්ති පූජා යාගය පිණිස සියලුම ගවයෝ ගොන් විසිහතරදෙනෙක්ය, බැටළුවන් සැටදෙනෙක්ය, එළුවන් සැටදෙනෙක්ය, එක් අවුරුදු බැටළුපැටවුන් සැටදෙනෙක්ය. පූජාසනය ආලේපකළ පසු එය කැපකිරීමේ පූජා මේවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්