Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 ලේකම් 7:5 - Sinhala New Revised Version 2018

5 සලමොන් රජ ගවයන් විසිදෙදහසක් ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ද ඔප්පු කෙළේ ය. මෙසේ රජ ද මුළු සෙනඟ ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 සලමොන් රජ ගවයන් විසිදෙදහසක් ද බැටළුවන් එක්ලක්ෂ විසිදහසක් ද ඔප්පු කෙළේ ය. මෙසේ රජ ද මුළු සෙනඟ ද දෙවියන් වහන්සේගේ මාලිගාව කැප කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 සාලමොන් රජ ගවයින් විසි දෙදහසක්ද බැටළුවන් එක්ලක්ෂ විසි දහසක්ද ඔප්පුකෙළේය. මෙසේ රජද මුළු සෙනඟද දෙවියන්වහන්සේගේ ගෘහය කැපකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 7:5
16 හුවමාරු යොමු  

ඒ දවසට පසු දා ඉශ්රායෙල්වරු සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කරමින්, ගොනුන් දහසකුත්, බැටළුවන් දහසකුත්, බැටළු වස්සන් දහසකුත් දවන පූජා කොට ද ඒවා සමඟ පානීය පූජා ද වෙනත් පූජා ද බොහෝ සෙයින් ම සියලු ඉශ්රායෙල්වරුන් උදෙසා සමිඳාණන් වහන්සේට ඔප්පු කළෝ ය.


එහි සමිඳාණන් වහන්සේ අබිමුව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට තිබෙන ලෝකඩ පූජාසනය පිට සලමොන් දවන යාග පූජා දහසක් ඔප්පු කෙළේ ය.


ඔවුන් ගෙනා කොල්ලයෙන් ගවයන් සත්සියයකුත්, බැටළුවන් සත්දහසකුත් සමිඳාණන් වහන්සේට ඔව්හු ඒ දවසේ පූජා කළෝ ය.


මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයට මාලිගාවක් ගොඩනඟා උන් වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පු කරන පිණිසත්, නිරන්තර පිදීමේ පූප තබන පිණිසත්, උදේ සවස ද සබත් දවස්වල ද අමාවක් දිනවල ද අපේ දෙවි සමිඳාණන් වහන්සේගේ නියම මංගල්‍යවල දී ද දවන යාග පූජා ඔප්පු කරන පිණිසත් එය උන් වහන්සේට කැප කරන්න යමි. මෙය සදහට ම ඉශ්රායෙල්වරුන්ට නියෝගයක් වනු ඇත.


මන්ද, ජුදාහි රජ වූ හෙසකියා ගොනුන් දහසක් සහ බැටළුවන් හත්දහසක් ද පූජා සඳහා සභාවට දුන්නේ ය. අධිපතීහු ද ගොනුන් දහසක් හා බැටළුවන් දසදහසක් සභාවට දුන්නෝ ය. පූජකයන්ගෙන් බොහෝ දෙනෙක් ද පවිත්‍ර වූ හ.


සලමොන් රජු හා ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව කියන්න හෝ ගණින්න හෝ බැරි තරම් බැටළුවන් ද ගවයන් ද පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.


ඉන්පසු ව රජ ද මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පූජා ඔප්පු කළහ.


පූජකයෝ ද තම තමන්ගේ තනතුරුවල යෙදී සිටියහ. ලෙවීවරුත් සමිඳාණන් වහන්සේගේ තූර්ය භාණ්ඩ රැගෙන සිටියෝ ය. ඔව්හු දාවිත් රචිත ගී ගයමින්, “සමිඳාණන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය”යි කියමින් උන් වහන්සේට ප්‍රශංසා කළහ. උන් වහන්සේට ස්තුති කිරීමට දාවිත් විසින් ඒවා රචනා කරනු ලැබ තිබිණි. පූජකයෝ ද ඔවුන් ඉදිරිපිටින් සිටගෙන නළා පිම්බෝ ය; සියලු ඉශ්රායෙල්වරු ද නැඟිට සිටියහ.


අධිපතියාගේ යුතුකම් නම්, ඉශ්රායෙල් වංශයේ සියලු නියම කාලවල මංගල්‍යවලදීත්, නව සඳ පෝදිනවලදීත්, සබත් දවස්වලදීත් දවන යාග පූජා ද ආහාර පූජා ද පාන පූජා ද සපයා දීම ය. ඉශ්රායෙල් වංශය උදෙසා සමඟිකමක් කරන්නට පාප පූජා ද දවන යාග පූජාව ද සහභාගිකමේ පූජාව ද ඔහු පිළියෙළ කළ යුතු ය.”


දහස් ගණන් බැටළු පැටවුන්ටත්, දස දහස් ගණන් තෙල් ගංගාවලටත් සමිඳාණෝ ප්‍රසන්න වන සේක් ද? මාගේ වරදට වන්දියක් වශයෙන් මාගේ කුලුඳුලා, මාගේ ආත්මයේ පාපය උදෙසා මාගේ දරුවා පූජා කරම් ද?


පූජාසනය ආලේප කොට එය කැප කරන දවසේ දී ප්‍රජා මූලිකයෝ තම තමන්ගේ පඬුරු පූජාසනය වෙත ඔප්පු කළහ.


එකල ජෙරුසලමේ, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්