මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන් සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය.
2 ලේකම් 20:10 - Sinhala Revised Old Version බැලුවමැනව, ඉශ්‍රායෙල් මිසරයෙන් ආකල අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ද සෙයිර් කඳුකරයේ වැසියන්ද අතරට පැමිණෙන්ට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශනොකර, ඔවුන් වෙතින් අහක්ව ගියෝය. Sinhala New Revised Version “බැලුව මැනව, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ආ කල, අම්මොන්වරුන් සහ මෝවබ්වරුන් ද සේයිර් කඳුකරේ වැසියන් ද අතරට පැමිණෙන්න ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශ නොකර ඔවුන් වෙතින් අහක් ව ගියෝ ය. Sinhala New Revised Version 2018 “බැලුව මැනව, ඉශ්රායෙල්වරුන් මිසරයෙන් ආ කල, අම්මොන්වරුන් සහ මෝවබ්වරුන් ද සේයිර් කඳුකරේ වැසියන් ද අතරට පැමිණෙන්න ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශ නොකර ඔවුන් වෙතින් අහක් ව ගියෝ ය. |
මින්පසු මෝවබ් පුත්‍රයෝද අම්මොන් පුත්‍රයෝද ඔවුන් සමඟ අම්මොනිවරුන්ගෙන් සමහරෙක්ද යෙහෝෂාපාට්ට විරුද්ධව යුද්ධයට ආවෝය.
ඔවුන් ප්‍රීති ඝෝෂාවද ප්‍රශංසාවද පටන්ගත් වේලාවේදී යූදාට විරුද්ධව ඇවිත් සිටි අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ටද සෙයිර් කඳුකරයේ වැසියන්ටද විරුද්ධ ස්වාමීන්වහන්සේ රැක සිටින සේනාවක් සිටෙවුසේක; ඔව්හු පැරදුණෝය.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒදොම්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු කඩුව ඇතුව තමාගේ සහෝදරයා පස්සේ එළවාගනගොස්, තමාගේ අනුකම්පාව සහමුලින්ම පහකොට, තමාගේ උදහසින් නිතරම ඉරාදමා, තමාගේ කෝපය සෑමකල්හිම තබාගත්තේය.
අම්මොන් පුත්‍රයන් ඉදිරියට ළංවූ කල ඔවුන්ට සතුරුකමක්වත් ඔවුන්ට විරුද්ධකමක්වත් නොකරන්න. අම්මොන් පුත්‍රයන්ගේ දේශයෙන් නුඹට කිසි උරුමයක් නොදෙන්නෙමි. මක්නිසාද මා විසින් එය ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේ.
ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෝවබ්ට සතුරුකමක්වත් ඔහුට විරුද්ධව සටනක්වත් නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් නුඹට කිසි උරුමයක් නොදෙන්නෙමි; මක්නිසාද ආර් මා විසින් ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේයයි කීසේක.