Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 2:9 - Sinhala Revised Old Version

9 ස්වාමීන්වහන්සේ මට කථාකොට: මෝවබ්ට සතුරුකමක්වත් ඔහුට විරුද්ධව සටනක්වත් නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් නුඹට කිසි උරුමයක් නොදෙන්නෙමි; මක්නිසාද ආර් මා විසින් ලොත්ගේ පුත්‍රයන්ට උරුමයක් කොට දී තිබේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “සමිඳාණන් වහන්සේ මා අමතා, ‘මෝවබ්වරුන්ට හිරිහැර නොකරන්න, සටනට ඔවුන් නොපොළඹවන්න. මා ආර් නම් දේශය ලොත්ගේ පෙළපතට සතු කොට දෙන බැවින්, ඔවුන්ගේ රටින් කිසිවක් මම නුඹට අයිති කොට නොදෙන්නෙමි’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “සමිඳාණන් වහන්සේ මා අමතා, ‘මෝවබ්වරුන්ට හිරිහැර නොකරන්න, සටනට ඔවුන් නොපොළඹවන්න. මා ආර් නම් දේශය ලොත්ගේ පෙළපතට සතු කොට දෙන බැවින්, ඔවුන්ගේ රටින් කිසිවක් මම නුඹට අයිති කොට නොදෙන්නෙමි’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 2:9
13 හුවමාරු යොමු  

ආර් නිවසෙ දෙසට හැරීයන්නාවූ, මෝවබ් සීමාවට යාවූ, මිටියාවත්වල බෑවුමයයි කියා තිබේ.


මක්නිසාද හෙෂ්බොන් සිට ගින්නක්ද සීහොන් නුවරින් ගිනිදැලක්ද නික්මගියේය. එය මෝවබ්හි ආර්ද අර්ණොන් උස්තැන්වල ස්වාමිවරුන්ද දවා දැමීය.


අෂූර්ද ඔවුන්ට එකතුවූවෝය; ඔව්හු ලොත්ගේ පුත්‍රයන්ට උපකාර කළෝය.


එවිට ඉශ්‍රායෙල්වරු ඒදොම් රජු වෙත පණිවිඩකාරයන් යවා: ඔබගේ දේශය මැදින් යන්ට අවසර ලැබේවයි කියා ඇරියෝය. නුමුත් ඒදොම් රජ ඇහුම්කන් නුදුන්නේය. මෝබව් රජු වෙතටත් එසේම පණිවිඩකාරයන් ඇරියෝය. ඔහුද කැමතිවුණේ නැත. ඉශ්‍රායෙල්වරුද කාදෙෂ්හි නැවතී සිටියෝය.


කන්ට මට ආහාර මිලේට විකුණා, බොන්ට මට වතුර මිලේට දුන මැනවි. පයින් යන්ට පමණක් මට අවසර ලැබේවයි කියා ඇරියෙමි.


ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද සේයිර් කඳුකරය උරුමයක් කොට ඒසව්ට මා විසින් දී තිබෙන බැවින් ඔවුන්ගේ දේශයෙන් පියවරක් පමණවත් නුඹලාට නොදෙන්නෙමි.


මිදියන්හි වැඩිමහල්ලන්ට කථාකොට: ගවයා කෙතේ තෘණ කා දමන්නාක් මෙන් ඒ සමූහයා අප වටකර තිබෙන සියල්ල කාදමනවා ඇතැයි කීවේය. ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඒ කාලයේ මෝවබ්හි රජව සිටියේය.


බැලුවමැනව, ඉශ්‍රායෙල් මිසරයෙන් ආකල අම්මොන් සහ මෝවබ් පුත්‍රයන්ද සෙයිර් කඳුකරයේ වැසියන්ද අතරට පැමිණෙන්ට ඔබ ඔවුන්ට ඉඩ නුදුන් බැවින්, ඔව්හු ඔවුන් විනාශනොකර, ඔවුන් වෙතින් අහක්ව ගියෝය.


පසුව ඔව්හු කාන්තාරය මැදින් ගමන්කොට ඒදොම් දේශයත් මෝවබ් දේශයත් වටකරින් ගොස්, මෝවබ් දේශයට නැගෙනහිරින් අවුත්, මෝවබ් සීමාව ඇතුළට නොපැමිණ, අර්ණොන් ඔයෙන් එගොඩ කූඩාරම් පිහිටුවාගත්තෝය, මක්නිසාද අර්ණොන් ඔය වනාහි මෝවබ් සීමාවය.


යෙප්තා මෙසේ කියන්නේය–ඉශ්‍රායෙල් මෝවබ් දේශයවත් අම්මොන් පුත්‍රයන්ගේ දේශයවත් පැහැරගත්තේ නැත.


මෝවබ් ගැන දිව්‍ය ප්‍රකාශනයය. රාත්‍රියකදී මෝවබ්හි ආර් නගරය පාළුකොට නැතිකරනලද්දේය; රාත්‍රියකදී මෝවබ්හි කීර් බලකොටුව පාළුකොට නැතිකරනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්