Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:11 - Sinhala Revised Old Version

11 එහෙත් ඔබ අපට හිමිකරදුන් ඔබගේ උරුමයෙන් අප පන්නාදමන්ට ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුවමැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එහෙත්, ඔබ අපට හිමිකර දුන් ඔබේ උරුමයෙන් අප පන්නා දමන්න ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එහෙත්, ඔබ අපට හිමිකර දුන් ඔබේ උරුමයෙන් අප පන්නා දමන්න පැමිණීමෙන් ඔවුන් අපට කළගුණ දැක්වූ හැටි බැලුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:11
12 හුවමාරු යොමු  

යහපතට නපුර කිරීම යුතුද? මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. ඔවුන් කෙරෙන් ඔබගේ කෝපය පහකරන පිණිස ඔවුන් වෙනුවට යහපත කථාකරන්ට මා ඔබ ඉදිරියෙහි සිටිය බව සිහිකළ මැනව.


යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය.


මාගේ ආත්මය අසරණවන ලෙස ඔව්හු මට යහපත වෙනුවට නපුර කෙරෙති.


මා සමඟ සමාදානයෙන් සිටිය තැනැත්තාට නපුරක් කෙළෙම් නම්; (සැබවින් නිකරුණේ මට එදිරිව සිටි තැනැත්තා මම ගැළවීමි.)


ඔවුන් නුවරින් පිටත වැඩිදුර යන්ට ප්‍රථම යෝසෙප් තමන් ගබඩාකාරයාට කථාකොට: නැගිට ඒ මනුෂ්‍යයන් පසුපස්සේ යන්න; නුඹ ඔවුන් කිට්ටුකළාම: නුඹලා යහපතට අයහපත කළේ මක්නිසාද?


අපේ දෙවියන්වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරනසේක්ද? මක්නිසාද අපට විරුද්ධව එන මේ මහත් සමූහයා ඉදිරියෙහි සිටින්ට අපට ශක්තිය නැත; අපි මක්කරමුද කියාත් නොදනිමුව. නුමුත් අපේ ඇස් ඔබ දෙසම යොමුකර තිබේයයි කීවේය.


ස්වාමීන්වහන්සේ ආබ්‍රම්ට පෙනී: මේ දේශය නුඹේ වංශයට දෙන්නෙමියි කීසේක. එතැන්හි ඔහු තමාට පෙනුණාවූ ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනැගුවේය.


අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන්ගේ දේශය නුඹට උරුමයක් කොට දෙන පිණිස තෙමේම ප්‍රකාශවී, ස්වකීය මහත් බලය කරණකොටගෙන නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.


ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මේ සෙනඟට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඒදොම්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔහු කඩුව ඇතුව තමාගේ සහෝදරයා පස්සේ එළවාගනගොස්, තමාගේ අනුකම්පාව සහමුලින්ම පහකොට, තමාගේ උදහසින් නිතරම ඉරාදමා, තමාගේ කෝපය සෑමකල්හිම තබාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්