ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




2 ලේකම් 14:6 - Sinhala Revised Old Version

තවද ඔහු යූදාහි බලකොටු නුවරවල් ගොඩනැගුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහුට නිවාඩුව දුන් බැවින් දේශය නිශ්චලව තිබුණාය, ඒ අවුරුදුවල ඔහුට යුද්ධයක් නොවීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තවද, ඔහු ජුදාහි බලකොටු නගර යළි ගොඩනැඟුවේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහුට සාමය දුන් බැවින් දේශයේ සමගිය තිබුණේ ය. ඒ අවුරුදුවල එහි යුද්ධයක් නො වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තවද, ඔහු ජුදාහි බලකොටු නගර යළි ගොඩනැඟුවේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ඔහුට සාමය දුන් බැවින් දේශයේ සමගිය තිබුණේ ය. ඒ අවුරුදුවල එහි යුද්ධයක් නො වී ය.

පරිච්ඡේදය බලන්න



2 ලේකම් 14:6
17 හුවමාරු යොමු  

නුමුත් දැන් මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හැම අතින් ම මට නිශ්චලතාව දී තිබේ; එදිරිකාරයෙක්වත් අශුභ සිද්ධියක්වත් නැත්තේය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා ඉශ්‍රායෙල්ට අණකෙරෙවු පනත් හා විනිශ්චයයන් පවත්වන්ට බලාගත්තොත් නුඹ සඵල වන්නෙහිය. ශක්තිමත්ව සවිව සිටින්න; භයනොවන්න, තැතිනොගන්න.


නුමුත් නුඹට උපදින පුත්‍රයෙක් ශාන්තදාන්ත මනුෂ්‍යයෙක් වන්නේය; හාත්පසින්ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට නිදහස දෙන්නෙමි. එසේය, ඔහුගේ නාමය සාලමොන් වන්නේය, ඔහුගේ දවස්වලදී ඉශ්‍රායෙල්ට සමාදානයද නිශ්චලතාවද දෙන්නෙමි.


සියලු යූදාවරු ඒ දිවුරුම ගැන ප්‍රීතිවූහ. මක්නිසාද ඔව්හු තමුන්ගේ මුළු සිතින් දිවුරා, තමුන්ගේ මුළු කැමැත්තෙන් උන්වහන්සේ සෙවුවෝය; ස්වාමීන්වහන්සේද ඔවුන්ට සම්බව හාත්පසින්ම ඔවුන්ට විශ්‍රාමය දුන්සේක.


තමාගේ පියාගේ දෙවියන්වහන්සේට සේවයකරමින්, ඉශ්‍රායෙල්වරුන්ගේ ක්‍රියාවල ප්‍රකාරයට නොව උන්වහන්සේගේ ආඥාවල ප්‍රකාරයට හැසුරුණේය.


මෙසේ යෙහෝෂාපාට්ගේ රාජ්‍යය නිශ්චලව තිබුණේය. මක්නිසාද ඔහුගේ දෙවියන්වහන්සේ හාත්පසින්ම ඔහුට සමාදානය දුන්සේක.


දේවදර්ශන පිළිබඳ තේරුම් ඇත්තාවූ ශෙකරියාගේ දවස්වලදී ඔහු දෙවියන්වහන්සේ සෙවුවේය. ඔහු ස්වාමීන්වහන්සේ සෙවූතාක්ම දෙවියන්වහන්සේ ඔහු සඵල කළ සේක.


ඔහු තමාගේ දෙවියන්වහන්සේ සොයමින් උන්වහන්සේගේ ගෘහයේ මෙහෙයද ව්‍යවස්ථාවද ආඥාවද සම්බන්ධව පටන්ගත් සියලු කර්තව්‍යයන් තමාගේ මුළු සිතින් ඉෂ්ටකොට සඵලවිය.


ඔහුගේ රජකම්කිරීමේ අටවෙනි අවුරුද්දේ, ඔහු බාලව සිටියදීම, තමාගේ පියවූ දාවිත්ගේ දෙවියන්වහන්සේ සොයන්ට පටන්ගෙන, දොළොස්වෙනි අවුරුද්දේදී උස්තැන්ද අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද පහකර, යූදා සහ යෙරුසලම පිරිසිදුකරන්ට පටන්ගත්තේය.


උන්වහන්සේ ශාන්තිය දෙන විට වරද තබන්නේ කවුද? උන්වහන්සේ තමන් මුහුණ සඟවන විට එය දකින්නේ කවුද?


උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් වටකර සිටිය ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට විශ්‍රාමය දී බොහෝ කලකට පසු, යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටියදී,


එවිට ඒ සතළිස් අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය. කෙනස්ගේ පුත්‍රවූ ඔත්නීයෙල්ද මළේය.


ඒ දවසේදී මෝවබ්වරු ඉශ්‍රායෙල්වරුන්ට යටත්කරනු ලැබුවෝය. ඉක්බිති අසූ අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.


ස්වාමීන්වහන්ස, මෙසේ ඔබගේ සියලු සතුරෝ විනාශවෙත්වා. නුමුත් උන්වහන්සේට ප්‍රේමකරන්නෝ සූර්යයා ස්වකීය වික්‍රමයෙන් නික්ම එන්නාක් මෙන් වෙත්වයි කීවෝය. දේශයද සතළිස් අවුරුද්දක් නිශ්චලව තිබුණාය.