Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 14:5 - Sinhala Revised Old Version

5 ඔහු යූදාහි සියලු නුවරවලින් උස්තැන් සහ සූර්ය-රූප පහකෙළේය. රාජ්‍යයද ඔහු ඉදිරියෙහි නිශ්චලව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔහු ජුදාහි සියලු නගරවලින් ගිරිකුළු දේවාල සහ සුවඳ දුම් පූජාසන පහකෙළේ ය. ඔහුගේ කාලයේ රාජ්‍යයෙහි ද සාමය පැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 ඔහු ජුදාහි සියලු නගරවලින් ගිරිකුළු දේවාල සහ සුවඳ දුම් පූජාසන පහකෙළේ ය. ඔහුගේ කාලයේ රාජ්‍යයෙහි ද සාමය පැවතිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 14:5
6 හුවමාරු යොමු  

ඔහු ඉදිරිපිටදී බාල්ගේ පූජාසන කඩා දමනලද්දේය; ඒවාට උඩින් තිබුණු සූර්ය–රූප ඔහු කපාදමා, අෂේරා කණුද කැපූ රූපද වාත්තු රූපද බිඳ කුඩුකොට, ඒවාට පූජා කළ අයවලුන්ගේ මිනීවළවල් පිට ඉස්සේය.


ඔහු ඉශ්‍රායෙල් දේශය මුළුල්ලෙහි තිබුණ පූජාසන කඩාදමා, අෂේරා කණුද කැපූ රූපද බිඳදමා, කුඩුකර, සියලු සූර්ය–රූප කපාදමා, යෙරුසලමට හැරීආයේය.


තවද තමුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සොයන්ටද ව්‍යවස්ථාවත් ආඥාවත් පවත්වන්ටද යූදාවරුන්ට අණකෙළේය.


නුඹලාගේ පූජාසන පාළුවන්නේය, නුඹලාගේ සූර්ය රූප කඩාදමනු ලබන්නේය. නුඹලාගේ මැරුම්කෑ අය නුඹලාගේ දේවරූප ඉදිරිපිට හෙළන්නෙමි.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් වටකර සිටිය ඔවුන්ගේ සියලු සතුරන්ගෙන් ඔවුන්ට විශ්‍රාමය දී බොහෝ කලකට පසු, යෝෂුවා මහලුව වයෝවෘද්ධව සිටියදී,


රෙහොබොවම් යෙරුසලමෙහි වාසයකරමින් ආරක්ෂාව පිණිස යූදාහි නුවරවල් ගොඩනැගුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්