2 ලේකම් 14:2 - Sinhala Revised Old Version ආසා තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි යහපත්ව හරිව තිබුණ දේ කෙළේය. Sinhala New Revised Version ආසා තම දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය. Sinhala New Revised Version 2018 ආසා තම දෙවි සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි යහපත් දේ කෙළේ ය. |
එහෙත් උස්තැන් පහනොකරනලද්දේය. එසේවී නුමුත් ආසාගේ සිත ඔහුගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේ කෙරේ සම්පූර්ණව තිබුණේය.
මෙසේ අබියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබුවේය, ඔහුගේ පුත්‍රවූ ආසා ඔහු වෙනුවට රජවුණේය. ඔහුගේ කාලයෙහි දස අවුරුද්දක් දේශය නිශ්චලව තිබුණාය.
ආසා රජුගේ මෑණියන්වූ මයකා විසින් අෂේරාට පිළිකුල් රූපයක් සෑදූ නිසා ආසා ඇය බිසෝකමෙන් අහක්කර, ඇගේ පිළිමය කපාදමා සුණුකර, කිද්‍රොන් ඔය ළඟදී එය පුලුස්සා දැමුවේය.
ඔහුගේ සිතද ස්වාමීන්වහන්සේගේ මාර්ගවල ධෛර්යවත්වී, නැවත ඔහු යූදා රටින් උස්තැන්ද අෂේරා කණුද පහකෙළේය.
ඔහු තමාගේ පියවූ ආසාගේ මාර්ගයෙහි හැසිරෙමින්, එයින් අහක්නොවී, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කෙළේය.
තවද ප්‍රොපේතවූ එලියාගෙන් ඔහුට ලියවිල්ලක් ලැබුණේය, එනම්: නුඹේ පියවූ යෙහෝෂාපාට්ගේ මාර්ගවලත් යූදාහි රජවූ ආසාගේ මාර්ගවලත් නුඹ නොහැසිර,
මේ සියල්ල නිමවූ කල එහි සිටි සියලු ඉශ්‍රායෙල්වරු යූදාහි නුවරවලට ගොස් රූපස්තම්භ බිඳදමා, අෂේරා කණු කපාදමා, මුළු යූදාගෙන්ද බෙන්යමින්ගෙන්ද එප්‍රායිම්ගෙන්ද මනස්සේගෙන්ද උස්තැන් සහ පූජාසන නැතිවීයන තුරු ඒවා කඩාදැමුවෝය. ඉන්පසු සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම තමුන්ගේ නුවරවල තම තමුන්ගේ උරුම දේශවලට හැරී ගියෝය.
හෙසකියා යූදා මුළුල්ලෙහි මෙසේ කරමින් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව, හරිව, යුතුව තිබුණු දේ කෙළේය.
ඔහු ඉශ්‍රායෙල් දේශය මුළුල්ලෙහි තිබුණ පූජාසන කඩාදමා, අෂේරා කණුද කැපූ රූපද බිඳදමා, කුඩුකර, සියලු සූර්ය–රූප කපාදමා, යෙරුසලමට හැරීආයේය.
නුඹ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර නොකරන්න, ඔවුන්ට මෙහෙනොකරන්න, ඔවුන්ගේ ක්‍රියාවල හැටියට නොකරන්න. එසේ නොව ඔවුන් මුළුමනින්ම පෙරළාදමා ඔවුන්ගේ රූපස්තම්භ කැබලිකොට බිඳදමන්න.
ඔවුන්ගේ පූජාසන කඩාදමා, ඔවුන්ගේ රූපස්තම්භ බිඳහෙළා, ඔවුන්ගේ අෂේරා කණු ගින්නෙන් දවා, ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප කපාදමා, ඒවායේ නාම ඒ ඒ ස්ථානවලින් නැතිකර දමන්න.