1 සාමුවෙ 23:17 - Sinhala Revised Old Version ඔහුට කථාකොට: භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට නුඹ අසුනොවන්නෙහිය; නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජවන්නෙහිය, මමද නුඹට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නේයයි ඔහුට කීය. Sinhala New Revised Version ජොනතන් ඔහුට කතා කරමින්, “බිය නොවන්න; මන්ද, මාගේ පියා වන සාවුල්ගේ අතට ඔබ අසුවන්නේ නැත; ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වන්නට ඉන්නේ ඔබ ය; මම ද ඔබට දෙවැනියා වන්නෙමි; මාගේ පියා වන සාවුල් ද ඒ බව දන්නේ ය”යි ඔහුට කීවේ ය. Sinhala New Revised Version 2018 ජොනතන් ඔහුට කතා කරමින්, “බිය නොවන්න; මන්ද, මාගේ පියා වන සාවුල්ගේ අතට ඔබ අසුවන්නේ නැත; ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජ වන්නට ඉන්නේ ඔබ ය; මම ද ඔබට දෙවැනියා වන්නෙමි; මාගේ පියා වන සාවුල් ද ඒ බව දන්නේ ය”යි ඔහුට කීවේ ය. |
ස්වාමීන්වහන්සේ කෙරෙහි භයවීමෙන් බලවත් නිසැකකමක් තිබේ; එසේ භයවන්නන්ගේ දරුවන්ට රක්ෂාස්ථානයක් ලැබේ.
මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය.
භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
කුඩා රැළ, භය නොවෙන්න; මක්නිසාද නුඹලාට රාජ්‍යය දෙන්ට නුඹලාගේ පියාණන්වහන්සේ ප්‍රසන්නව සිටිනසේක.
නුමුත් ඒක දෙවියන්වහන්සේගෙන් වී නම්, ඔවුන් පරාජය කරන්ට නුඹලාට බැරිය; එසේ උත්සාහ කළොත් සමහරවිට නුඹලා දෙවියන්වහන්සේට විරුද්ධව පවා යුද්ධකරන්නහුවන්ට පුළුවනැයි කීවේය.
මම ස්පාඤ්ඤයට යන කල එන්නෙමි. (මක්නිසාද ගමනේදී නුඹලා දකින්ටත්, නුඹලා එක්ව සමාගම්වීමෙන් තරමක් දුරට තෘප්තියට පැමුණුණායින් පසු නුඹලා විසින්ම එහාට ඇරලනු ලබන්ටත් බලාපොරොත්තුවෙමි.)
මෙසේ: ස්වාමීන්වහන්සේ මාගේ උපකාර කාරයාණෝය; මම භය නොවන්නෙමි; මනුෂ්‍යයා මට කරන්නේ කුමක්ද? කියා මහත් ධෛර්යයෙන් යුක්තව කියමුව.
මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම නුඹවත් නුඹේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.
නුඹ මා ළඟ සිටින්න, භයනොවන්න; මා මරන්ට සොයන්නා නුඹත් මරන්ට සොයන්නේය. නුමුත් නුඹ මා වෙත සුරක්ෂිතව සිටින්නෙහියයි අබියාතර්ට කීවේය.
මනුෂ්‍යයෙකුට තමාගේ සතුරා අසුවුණොත් ඔහු සුවසේ යන්ට හරීද? එබැවින් නුඹ අද දවසේ මට කළ කාරණය ගැණ ස්වාමීන්වහන්සේ නුඹට යහපත් විපාකයක් දෙනසේක්වා.
ඒ නිසා මට පසුව මාගේ වංශය නුඹ විසින් සිඳ නොදමන ලෙසත් මාගේ පිය වංශයෙන් මාගේ නම නැතිකරනොදමන ලෙසත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මට දිවුරන්නැයි කීවේය.
එවිට දාවිත්ගේ මිනිස්සු කථාකොට: මෙන්න, නුඹට හොඳව පෙනෙන ලෙස නුඹේ සතුරාට කරන පිණිස මම නුඹ අතට ඔහු පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කීවේ අද දවස ගැනයයි කීවෝය. එවිට දාවිත් නැගිට සාවුල්ගේ සළුවේ කොණ රහසින් කපාගත්තේය.
තවද ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමියා ගැන කී සියලු යහපත්කම් ප්‍රකාර ඔබට කර ඔබ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා කොට පත්කළ කල්හි,