Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:31 - Sinhala Revised Old Version

31 මක්නිසාද යෙස්සේගේ පුත්‍රයා භූමිය මතුපිට ජීවත්ව සිටින තුරුම නුඹවත් නුඹේ රජකමවත් ස්ථිරවෙන්නේ නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා ළඟට ගෙන්වන්න, සැබවින් ඔහු මරනු ලබන්නේයයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ජෙස්සේගේ පුත්‍රයා මිහි පිට ජීවත් ව සිටින තුරු ඔබ වත්, ඔබේ රජකම වත් ආරක්ෂා සහිත නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා වෙත ගෙන්වන්න; සැබැවින් ඔහු මරනු ලබන්නේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ජෙස්සේගේ පුත්‍රයා මිහි පිට ජීවත් ව සිටින තුරු ඔබ වත්, ඔබේ රජකම වත් ආරක්ෂා සහිත නැත. එබැවින් දැන් මිනිසුන් යවා ඔහු මා වෙත ගෙන්වන්න; සැබැවින් ඔහු මරනු ලබන්නේ ය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:31
9 හුවමාරු යොමු  

එවිට නුඹේ මෙහෙකරුවාවූ මට නුඹ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද නුඹේ මෙහෙකරුවා සමඟ නුඹ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් නුඹම මා මරන්න; නුඹේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය.


සාවුල් යොනාතාන්ගේ හඬට ඇහුම්කන්දී: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු මරනු නොලබන්නේයයි දිවුරුවේය.


හිරකාරයාගේ සුසුම්ලීම ඔබ ඉදිරියට පැමිණේවා; මරණයට කැපවූවන් ඔබගේ බලයේ උතුම්කම ලෙස රක්ෂාකළ මැනව.


මක්නිසාද මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමිවූ රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූහ. එසේවී නමුත් ඔබගේම මේසයෙන් කන තැනැත්තන් අතරේ ඔබ ඔබගේ මෙහෙකරුවා සිටෙවුවෙහිය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්ට මට ඇති යුතුකම මොකදැයි කීය.


නුඹ කළ මේ දෙය හොඳ නැත. නුඹලා ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තා වන නුඹලාගේ ස්වාමියා රැකවල් නොකළ නිසා ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම නුඹලා මරණයට සුදුස්සෝය. රජ්ජුරුවන්ගේ හිස ළඟ තිබුණු හෙල්ලයත් වතුර භාජනයත් දැන් කොහේද කියා බලන්නැයි කීවේය.


එවිට සාවුල්ගේ කෝපය යොනාතාන්ට විරුද්ධව ඇවිළ, ඔහු කථාකොට: හිතුවක්කාර කැරළිකාර ස්ත්‍රියකුගේ පුත්‍රය, නුඹට ලජ්ජාවත් නුඹේ මෑණියන්ට ලජ්ජාවත් හා අගෞරවයත් පැමිණෙන ලෙස නුඹ යෙස්සේගේ පුත්‍රයා කෙරෙහි ඇලුම්ව සිටින බව මම නොදනිම්ද?


ඔහුට කථාකොට: භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට නුඹ අසුනොවන්නෙහිය; නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජවන්නෙහිය, මමද නුඹට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නේයයි ඔහුට කීය.


එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්