Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 23:18 - Sinhala Revised Old Version

18 ඔවුන් දෙදෙනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෝය. දාවිත් කැලෑවෙහි සිටියේය, යොනාතාන් තමාගේ ගෙදරට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔවුන් දෙදෙනා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්හ. දාවිත් හොරෙෂ්හි නැවතී සිටියේ ය; ජොනතන් තමාගේ ගෙදරට ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 23:18
8 හුවමාරු යොමු  

නුමුත් ඔවුන් අතරේ එනම් දාවිත් සහ සාවුල්ගේ පුත් යොනාතාන් අතරේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කරන්ට යෙදුණු දිවුරුම නිසා රජ සාවුල්ගේ පුත්‍ර වන යොනාතාන්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් ඉතුරු කෙළේය.


යොනාතාන් දාවිත්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සහ නුඹ අතරේද මාගේ වංශය සහ නුඹේ වංශය අතරේද සෑම කල්හිම වනසේක්වයි කියා අප දෙදෙනා ස්වාමීන්වහන්සේගේ නාමයෙන් දිවුරා තිබේ, ඒ නිසා සමාදානයෙන් යන්නැයි කීවේය. එවිට ඔහු නැගිට පිටත්ව ගියේය. යොනාතාන් නුවරට ගියේය.


යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් දාවිත්ට ආදරේවූ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්තෝය.


දාවිත් කථාකොට: සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරුව සිටිනවාද? සිටිනවා නම් මම යොනාතාන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමියි කීවේය.


එවිට නුඹේ මෙහෙකරුවාවූ මට නුඹ කරුණාව පෙන්වන්ට ඕනෑය; මක්නිසාද නුඹේ මෙහෙකරුවා සමඟ නුඹ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ගිවිසුමක් කරගත්තෙහිය. නුමුත් මා කෙරෙහි වරදක් ඇත්නම් නුඹම මා මරන්න; නුඹේ පියාණන් වෙතට මා ගෙනයන්නේ මක්නිසාදැයි කීවේය.


තවද ඔහු සාවුල්ට කථාකොට නිමවූ කල යොනාතාන්ගේ ප්‍රාණය දාවිත්ගේ ප්‍රාණයට බැඳී, යොනාතාන් තමාගේම ප්‍රාණයට මෙන් ඔහුට ආදරේවිය.


එවිට දාවිත් නොබ්හි අභිමෙලෙක් පූජකයා වෙතට පැමුණුණේය. අහිමෙලෙක් දාවිත් සම්බවෙන්ට වෙවුලමින් ඇවිත්: කිසිවෙකු නුඹ සමඟ නැතුව තනියම ආවේ මක්නිසාදැයි ඔහුගෙන් ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්