Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:23 - Sinhala Revised Old Version

23 නුඹ මා ළඟ සිටින්න, භයනොවන්න; මා මරන්ට සොයන්නා නුඹත් මරන්ට සොයන්නේය. නුමුත් නුඹ මා වෙත සුරක්ෂිතව සිටින්නෙහියයි අබියාතර්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔබ මා ළඟ සිටින්න, බිය නොවන්න; මා මරන්න සොයන්නා ඔබත් මරන්න සොයන්නේ ය. එහෙත්, ඔබ මා ළඟ සුරක්ෂිත ව සිටින්නෙහි ය”යි අබියාතර්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔබ මා ළඟ සිටින්න, බිය නොවන්න; මා මරන්න සොයන්නා ඔබත් මරන්න සොයන්නේ ය. එහෙත්, ඔබ මා ළඟ සුරක්ෂිත ව සිටින්නෙහි ය”යි අබියාතර්ට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:23
11 හුවමාරු යොමු  

තවද රජ අබියාතර් පූජකයාට කථාකොට: අනාතොත්හි තිබෙන නුඹේම ඉඩමට යන්න; නුඹ මරණයට සුදුස්සෙක්ය. එහෙත් නුඹ මාගේ පියවූ දාවිත් ඉදිරියෙහි ස්වාමිවූ දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඉසුලූ බැවින්ද මාගේ පියාණන් දැරූ සියලු දුක්වලදී නුඹත් දුක් වින්ද බැවින්ද මේ වතාවේ නුඹ නොමරමියි කීවේය.


මෙසේ වුණේ: ඔබ මට දුන්නවුන්ගෙන් එක්කෙනෙක්වත් නැතිවුණේ නැතැයි උන්වහන්සේ විසින් කියනලද වචනය සම්පූර්ණවන පිණිසය.


දාසයෙක් තමාගේ ස්වාමියාට වඩා උතුම් නොවේයයි නුඹලාට මා කී වචනය සිහිකරන්න. ඔව්හු මට පීඩාකළෝනම් නුඹලාටත් පීඩාකරන්නෝය; මාගේ වචනය රක්ෂාකළෝ නම් නුඹලාගේ වචනයත් රක්ෂාකරන්නෝය.


මම ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් ඔබගේ නාමයෙන් ඔවුන් ආරක්ෂාකෙළෙමි. මම ඔවුන් ප්‍රවේසම්කෙළෙමි, ලියවිල්ල සම්පූර්ණ වන පිණිස විනාශයේ පුත්‍රයා හැර ඔවුන්ගෙන් කිසිවෙක් විනාශ නූණේය.


එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය.


ඔහු ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් සහ අබියාතර් පූජකයා සමඟ මන්ත්‍රණයකෙළේය. ඔව්හු අදොනියාට පක්ෂව ඔහුට උපකාරකළෝය.


ඔහුට කථාකොට: භයනොවන්න. මක්නිසාද මාගේ පියවූ සාවුල්ගේ අතට නුඹ අසුනොවන්නෙහිය; නුඹ ඉශ්‍රායෙල් කෙරෙහි රජවන්නෙහිය, මමද නුඹට දෙවෙනියා වන්නෙමි; මාගේ පියවූ සාවුල්ද ඒ බව දන්නේයයි ඔහුට කීය.


දාවිත් කථාකොට: භයනොවෙන්න. සැබෑවටම නුඹේ පියවූ යොනාතාන් නිසා මම නුඹට කරුණාව පෙන්වා නුඹේ පියවූ සාවුල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි; නුඹ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහියයි ඔහුට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්