ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක, ඔහු සඵලවත් මනුෂ්‍යයෙක්ව තම ස්වාමිවූ මිසරයාගේ ගෙයි සිටියේය.
1 සාමුවෙ 16:18 - Sinhala Revised Old Version එවිට වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් උත්තර දෙමින්: ගායනාකරන්ට දන්නාවූ, බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි, ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව, යුද්ධකාරයෙක්ව, කථාවෙහි දක්ෂවූ රූපසම්පන්නවූ කෙනෙක්ව සිටියි, ස්වාමීන්වහන්සේත් ඔහු සමඟයයි කීවේය. Sinhala New Revised Version එවිට සේවකයන්ගෙන් එක් කෙනෙක් පිළිතුරු දෙමින්, “දක්ෂ වාදකයෙකු වන පුත්‍රයෙක් බෙත්ලෙහෙමේ වසන ජෙස්සේට සිටියි. ඔහු නිර්භීත කෙනෙකි; දක්ෂ හේවායෙකි; කතාවෙහි දක්ෂ ය; රූපසම්පන්න ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින සේකැ”යි කීවේ ය. Sinhala New Revised Version 2018 එවිට සේවකයන්ගෙන් එක් කෙනෙක් පිළිතුරු දෙමින්, “දක්ෂ වාදකයෙකු වන පුත්‍රයෙක් බෙත්ලෙහෙමේ වසන ජෙස්සේට සිටියි. ඔහු නිර්භීත කෙනෙකි; දක්ෂ හේවායෙකි; කතාවෙහි දක්ෂ ය; රූපසම්පන්න ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටින සේකැ”යි කීවේ ය. |
ස්වාමීන්වහන්සේ යෝසෙප් සමඟ වූ සේක, ඔහු සඵලවත් මනුෂ්‍යයෙක්ව තම ස්වාමිවූ මිසරයාගේ ගෙයි සිටියේය.
හිරගෙයි නායකයා ඔහු අත යටතේ තිබුණු කිසිම දෙයක් බැලුවේ නැත, මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිටිසේක; ඔහු කළ දේවල්ද ස්වාමීන්වහන්සේ සඵලකළසේක.
ඔබගේ සේවකයාවූ යෝවාබ් මෙසේ කළේ කාරණයේ අන්දම හරවා පෙන්වන පිණිසය. නුමුත් පොළොවේ සියල්ල දැනගැනීමට මාගේ ස්වාමියාගේ ප්‍රඥාව දෙවියන්වහන්සේගේ දූතයෙකුගේ ප්‍රඥාව හා සමානයයි කීවාය.
එවිට සිංහයෙකුගේ සිත මෙන් සිතක් ඇති බලවන්තයා පවා මුළුමනින්ම මලානික වෙනවා ඇත. මක්නිසාද ඔබගේ පියාණන් බලවන්තයෙක් බවත් ඔහු සමඟ සිටින අය වික්‍රමාන්විත මනුෂ්‍යයන් බවත් සියලු ඉශ්‍රායෙල්වරු දනිති.
හූෂයි වැඩි දුරටත් කියනුයේ: ඔබගේ පියාණන් හා ඔහුගේ මිනිසුන් බලවන්තයන් බවත් වනයෙහි පැටියන් නැතිවුණ වැලහින්නියක් මෙන් කෝපව සිටින බවත් ඔබ දන්නෙහිය. ඔබගේ පියාණෝ යුද්ධකාරයෙක්ය, ඔහු රාත්‍රියෙහි සෙනඟ සමඟ නවතින්නේ නැත.
මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ.
ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
මේ ලකුණු නුඹට පැමිණි කල නුඹ ප්‍රස්තාවේ හැටියට ක්‍රියාකරන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹ සමඟ සිටිනසේක.
එවිට හෙතෙම කෙනෙකු යවා ඔහු ගෙන්වීය. ඔහු රතුපාටව, ශෝභමාන පෙනීමක් ඇතුව, රූප සම්පන්නව සිටියේය. ස්වාමීන්වහන්සේ: නැගිට මොහු ආලේපකරන්න, මොහු ඒ තැනැත්තායයි කීසේක.
සාවුල් කථාකොට: හොඳට ගායනාකරන මනුෂ්‍යයෙකු සොයා ඔහු මා ළඟට ගෙනෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය.
එබැවින් සාවුල් යෙස්සේ වෙත පණිවිඩකාරයන් යවා: බැටළුවන් සමඟ සිටින නුඹේ පුත්‍රවූ දාවිත් මා ළඟට එවන්නැයි කියා යැවීය.
දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය.
සාමුවෙල් වැඩුණේය, ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට, ඔහුගේ වචනවලින් එකක්වත් සිස්වෙන්ට ඉඩ නුදුන්සේක.