Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 16:19 - Sinhala Revised Old Version

19 එබැවින් සාවුල් යෙස්සේ වෙත පණිවිඩකාරයන් යවා: බැටළුවන් සමඟ සිටින නුඹේ පුත්‍රවූ දාවිත් මා ළඟට එවන්නැයි කියා යැවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එවිට සාවුල් ජෙස්සේ වෙත පණිවුඩකාරයන් යවමින්, “බැටළුවන් සමඟ සිටින ඔබේ පුත්‍රයා වන දාවිත් මා ළඟට එවන්නැ”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එවිට සාවුල් ජෙස්සේ වෙත පණිවුඩකාරයන් යවමින්, “බැටළුවන් සමඟ සිටින ඔබේ පුත්‍රයා වන දාවිත් මා ළඟට එවන්නැ”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 16:19
12 හුවමාරු යොමු  

මෙසේ ඔහු එතැනින් ගියවිට ෂාපාත්ගේ පුත්‍රවූ එලිෂා ඔහුට සම්බවුණේය, එලිෂා ගවයන් දොළොස් බානක් පස්සේ හාමින් දොළොස්වෙනි බාන සමඟ සිටිනවා ඔහු දුටුවේය. එලියා ඔහු ළඟට ගොස් තමාගේ සළුව ඔහු පිට හෙළීය.


උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවනසේක, දිළිඳා කසල ගොඩින් ඔසවනසේක.


තෙකෝවාහි එඬේරුන් අතරේ සිටි ආමොස් යූදාහි රජවූ උස්සියාගේ දවස්වලද යෝවාෂ්ගේ පුත්‍රවූ ඉශ්‍රායෙල් රජවූ යෙරොබොවම්ගේ දවස්වලද පොළෝකම්පාවට දෑවුරුද්දකට පළමුවෙන් ඉශ්‍රායෙල් ගැන දුටු කාරණය.


නුඹේ පුත්‍රයන් හැමදෙනාම මෙහි ඉන්නවාදැයි යෙස්සේගෙන් ඇසුවේය. ඔහු කථාකොට: තව ඉතිරිව ඉන්නේ බාලයාය, ඔහු බැටළුවන් බලාගන සිටිනවායයි කීවේය, සාමුවෙල්ද: කෙනෙක් යවා ඔහු ගෙන්වන්න. ඔහු මෙහි එන තුරු අපි කෑමට ඉඳ නොගන්නෙමුයයි යෙස්සේට කීය.


එවිට වැඩකාරයන්ගෙන් එක්කෙනෙක් උත්තර දෙමින්: ගායනාකරන්ට දන්නාවූ, බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙකු දුටිමි, ඔහු බලවත් වික්‍රමාන්විත පුරුෂයෙක්ව, යුද්ධකාරයෙක්ව, කථාවෙහි දක්ෂවූ රූපසම්පන්නවූ කෙනෙක්ව සිටියි, ස්වාමීන්වහන්සේත් ඔහු සමඟයයි කීවේය.


එවිට යෙස්සේ රොටිද මුද්‍රිකපාන භාජනයක්ද එළුපැටවෙක්ද කොටළුවෙකු පිට පටවා ඒවා තමාගේ පුත්‍රවූ දාවිත් අත සාවුල්ට ඇරියේය.


දාවිත් වනාහි බෙත්-ලෙහෙම්හි තමාගේ පියාගේ බැටළුවන් බලාගන්ට සාවුල් වෙතින් ඔබ මොබ ගියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්