1 සාමුවෙ 15:18 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේද නුඹ ගමනක් යවමින්: අමලෙක්වරුන් වන පව්කාරයන් විනාශකරදමා, ඔවුන් නැතිවී යන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධකරන්නැයි කීසේක. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවමින්, ‘පව්කාරයන් වන අමලෙක්වරුන් විනාශ කරදමා ඔවුන් නැති වී යන තුරු ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නැ’යි ඔබට වදාළ සේක. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ ඔබ පිටත් කර යවමින්, ‘පව්කාරයන් වන අමලෙක්වරුන් විනාශ කරදමා ඔවුන් නැති වී යන තුරු ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නැ’යි ඔබට වදාළ සේක. |
තවද ඔව්හු හැරී ඇවිත් ඒන්-මිෂ්පාත්ට (එනම් කාදෙෂ්ට) පැමිණ අමලෙක්වරුන්ගේ මුළු රටටත් හශශොන්-තාමාර්හි විසූ අමෝරිවරුන්ටත් පහරදුන්නෝය.
සතරවෙනි පරම්පරාවේදී ඔව්හු නැවත මෙහි එන්නෝය; මක්නිසාද අමෝරිවරුන්ගේ අධර්මිෂ්ඨකම තවම සම්පූර්ණ නැතැයි කීසේක.
තමුන්ගේම ප්‍රාණවලට විරුද්ධවුණ මේ පව්කාරයන්ගේ ධූප භාජනවලින් පූජාසනය වැසීමට තළාපු තහඩු සාදනු ලැබේවා. ඔවුන් ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ බැවින් ඒවා ශුද්ධය. ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ලකුණක් පිණිස වන්නේයයි කීසේක.
දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.