Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:38 - Sinhala Revised Old Version

38 තමුන්ගේම ප්‍රාණවලට විරුද්ධවුණ මේ පව්කාරයන්ගේ ධූප භාජනවලින් පූජාසනය වැසීමට තළාපු තහඩු සාදනු ලැබේවා. ඔවුන් ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ බැවින් ඒවා ශුද්ධය. ඒවා ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ලකුණක් පිණිස වන්නේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඒවායින් පිදූ බැවින් ඒවා ශුද්ධ ය. එබැවින් හෘදය සාක්ෂියට විරුද්ධ ව පව් කළ මේ අයගේ ධූම පාත්‍ර ගෙන, පූජාසනය වැසීම සඳහා ඒවා පැතලි තහඩුවලට තැළිය යුතු ය. ඒවා ඉශ්රායෙල් ජනයාට ලකුණක් වනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඒවායින් පිදූ බැවින් ඒවා ශුද්ධ ය. එබැවින් හෘදය සාක්ෂියට විරුද්ධ ව පව් කළ මේ අයගේ ධූම පාත්‍ර ගෙන, පූජාසනය වැසීම සඳහා ඒවා පැතලි තහඩුවලට තැළිය යුතු ය. ඒවා ඉශ්රායෙල් ජනයාට ලකුණක් වනු ඇතැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:38
14 හුවමාරු යොමු  

සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින් ඒවා පෙරළා දමා විනාශයට නියමකොට, මතු අභක්තිකලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම්,


මම ඒ මනුෂ්‍යයාට විරුද්ධව මාගේ මුහුණ තබා, ලකුණක්ද උපමාවක්ද පිණිස ඔහු නාස්තිකර, මාගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


රජුගේ භයංකරය සිංහයාගේ ගර්ජනාව මෙන්ය; ඔහු කෝපකරවන්නා තමාගේම ප්‍රාණයට විරුද්ධව වරදකරගන්නේය.


ඒ සමාගම නැසුණු කල්හි එනම් ගින්නෙන් දෙසිය පනස් දෙනෙක් විනාශවූ කල්හි භූමිය ඇගේ මුඛය ඇර කෝරා සමඟ ඔවුන් ගිලගත්තාය. එසේ ඔව්හු අවවාද ලකුණක් වූහ.


බොහෝ ජනයන් සිඳදැමීමෙන් නුඹේ වංශයට ලජ්ජාව පැමිණෙන ලෙස නුඹ මන්ත්‍රණයකොට නුඹේම ප්‍රාණයට විරුද්ධව පව්කෙළෙහිය.


එවිට සාලමොන් රජ ස්වාමීන්වහන්සේගේ නම කියා දිවුරමින්: අදොනියා ඒ වචනය තමාගේම ප්‍රාණයට විරුද්ධව නොකීයේනම් දෙවියන්වහන්සේ මට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වා.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔවුන් නොනසින පිණිස නුඹ විසින් ඔවුන්ගේ කෙඳිරීම නිමකිරීම සඳහා ආරොන්ගේ සැරයටිය කැරළිකාර පුත්‍රයන්ට ලකුණක් කොට තිබෙන්ට නැවත සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබන්නැයි කීසේක.


ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධවුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ අපට අවවාද පිණිසය.


නුමුත් මාගෙන් මුළාවයන්නා තමාගේම ප්‍රාණයට අනතුරුකරගන්නේය; මට වෛරවෙන සියල්ලෝම මරණයට ප්‍රේමවන්නෝය.


ඔව්හු වනාහි තමුන්ගේම ලෙය ගැන රැක සිටිති, තමුන්ගේම ප්‍රාණයට විරුද්ධව සැඟවී සිටිති.


ස්වාමීන්වහන්සේ මෝසෙස් ලවා කියෙවු ලෙස ආරොන්ගේ වංශයෙහි නොවූ අන්‍ය කෙනෙක් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුවඳ දුම් ඔප්පුකරන්ට ළංවී කෝරා හා ඔහුගේ සමාගම මෙන් නොවන පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ට සිහිවීමක් කොට පූජාසනයට වැස්මක් සඳහා ඒවා තළා තහඩු සෑදූහ.


ධූප භාජන ශුද්ධ නිසා ඒවා ගිනි මැදින් ගෙනෙන්ට පූජකවූ ආරොන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ට කියන්න; එහි ගින්න අහකට විසුරුවා දමන්න;


එසේ පූජකවූ එලෙයාසර් දාගියවුන් ඔප්පුකළ පිත්තල ධූප භාජන අරගත්තේය.


එබැවින් සේනාවල දෙවියන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලාගෙන් කිසිවෙකු ඉතුරු නොවන ලෙස නුඹලාගේ පුරුෂයන්ද ස්ත්‍රීන්ද ළදරුවන්ද කිරි දරුවන්ද යූදාවරුන් අතරෙන් සිඳදැමීමට නුඹලාගේ ප්‍රාණවලට විරුද්ධව නුඹලා මේ මහත් නපුර කොට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්