Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 15:19 - Sinhala Revised Old Version

19 ඉතින් නුඹ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, කොල්ලය පිටට පැන, ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබෙන දේ කළේ මක්නිසාදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එහෙත්, සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවී කොල්ලය පිට කඩා පැන, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි වැරදි සහිත දේ කෙළේ මක්නිසා දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත්, සමිඳාණන් වහන්සේගේ අණට කීකරු නොවී කොල්ලය පිට කඩා පැන, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුවෙහි වැරදි සහිත දේ කෙළේ මක්නිසා දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 15:19
11 හුවමාරු යොමු  

සෙනඟ කොල්ලය පිටට පැන, බැටළුවන්ද හරකුන්ද වස්සන්ද අරගන බිමදමා මරා, ලේ පිටින් කෑවෝය.


මාගේ නාමය තබා තිබෙන මේ ගෘහය සොරුන්ගේ ගුහාවක්යයි නුඹලා සිතනවාද? මටත්, එසේය මටත් පෙනෙනවායයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.


ඔහු තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය; ස්වාමීන්වහන්සේගේ වචන කී අනාගතවක්තෘවූ යෙරෙමියා ඉදිරියෙහි ඔහු යටහත්වුණෙත් නැත.


ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය.


මක්නිසාද දේමස් මේ ලෝකයට ආලයවී, මා අත්හැර තෙසලෝනිකයට ගියේය. ක්‍රෙස්කෙන්ස් ගලාතියටත් තීතස් දල්මාතියටත් ගියෝය.


සාවුල්ද: නැත, මම ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුව, ස්වාමීන්වහන්සේ මා යැවූ ගමන ගොස්, අමලෙක්වරුන්ගේ රජවූ ආගග් ගෙනාවෙමි, අමලෙක්වරුන්ද සහමුලින්ම විනාශකර දැමීමි.


නුමුත් මෝසෙස් කථාකර: සඵලයක් නොවන බව දැනගනත් නුඹලා මෙසේ ස්වාමීන්වහන්සේගේ අණ කඩකරන්නේ මක්නිසාද?


නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්