තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.
1 සාමුවෙ 14:44 - Sinhala Revised Old Version සාවුල්ද: යොනාතාන්, නුඹ නසින්ටම ඕනෑය, නැත්නම් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කීයේය. Sinhala New Revised Version සාවුල් පිළිතුරු දෙමින්, “ජොනතන් ඔබ නසින්නට ම ඕනෑ ය; නැත්නම් දෙවියන් වහන්සේ ඊට වැඩියෙනුත් මට දඬුවම් කරන සේක්වා”යි කීයේ ය. Sinhala New Revised Version 2018 සාවුල් පිළිතුරු දෙමින්, “ජොනතන් ඔබ නසින්නට ම ඕනෑ ය; නැත්නම් දෙවියන් වහන්සේ ඊට වැඩියෙනුත් මට දඬුවම් කරන සේක්වා”යි කීයේ ය. |
තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.
ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද මඩින යකඩ යන්ත්‍රවලින්ද යකඩ පොරෝවලින්ද කපා දැමුවේය, ගඩොල් උදුන මැදින් යන්ටද සැලැස්සුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත් සහ මුළු සෙනඟ යෙරුසලමට හැරී ආවෝය.
එවිට දාවිත්ගේ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව බොහෝසෙයින් ඇවිළ, ඔහු නාතාන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවාසේම මේක කළ මිනිහා මැරුම්කෑ යුතුය.
තවද අමාසාට කථාකොට: නුඹ මාගේ ඇට සහ මාංශයත් නොවේද? නුඹ යෝවාබ් වෙනුවට සෑමකල්හිම මා ඉදිරියෙහි සේනාපතියාව සිටින්ට නොයෙදුණොත් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කියන්නැයි කියා ඇරියේය.
රජකම සාවුල්ගේ වංශයෙන් අහක්කර, දාවිත්ගේ සිංහාසනය දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද කෙරෙහි පිහිටුවන පිණිස,
නුඹට මීපැණි සම්බවුණොත්, එයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස, සෑහෙන තරමට පමණක් කන්න.
ඔහු ඈ දුටු විට තමාගේ වස්ත්‍ර ඉරාගෙන: අහෝ මාගේ දියණියෙනි, නුඹ මා ඉතා කණගාටු කෙළෙහිය, නුඹ මා කළඹන තැනැත්තියක්ය. මක්නිසාද මම ස්වාමීන්වහන්සේට මාගේ මුඛය හැර පොරොන්දුවක් කෙළෙමි, එය වෙනස්කළ නොහැක්කෙමියි කීය.
නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.
මක්නිසාද එය තිබෙන්නේ මාගේ පුත්‍රවූ යොනාතාන් කෙරෙහි වුණත්, ඉශ්‍රායෙල් ගළවන ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔහු නසින්නටම ඕනෑයයි කීවේය. නුමුත් මුළු සෙනඟ අතරෙන් කිසිවෙක් ඔහුට උත්තර දුන්නේ නැත.
මා විසින් මොහුගේ සියලු පිරිමින්ගෙන් එක්කෙනෙක්වත් හෙට එළිවෙනතුරු ඉතිරිකළොත් දෙවියන්වහන්සේ දාවිත්ගේ සතුරන්ටත් එසේත් ඊට වැඩියත් කරනසේක්වයි දාවිත් කියා තිබුණේය.
එවිට ඔහු: ස්වාමීන්වහන්සේ නුඹට කී කාරණය මොකද? ඒක මාගෙන් නොසඟවන්න. උන්වහන්සේ නුඹට කී සියලු දෙයින් නුඹ යමක් මාගෙන් සඟවන්නෙහිනම් දෙවියන්වහන්සේ නුඹට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වයි කීවේය.