Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 25:16 - Sinhala Revised Old Version

16 නුඹට මීපැණි සම්බවුණොත්, එයින් තෘප්තියට පැමිණ වමනය නොකරන පිණිස, සෑහෙන තරමට පමණක් කන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මී පැණි ලදහොත් තරමට පමණක් කන්න; වැඩියෙන් කෑවොත් වමනය ඇති වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මී පැණි ලදහොත් තරමට පමණක් කන්න; වැඩියෙන් කෑවොත් වමනය ඇති වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 25:16
11 හුවමාරු යොමු  

බොහෝ මීපැණි කෑම හොඳ නැත; එමෙන්ම මනුෂ්‍යයන්ට තමුන්ගේම ගෞරවය සෙවීම ගෞරවයක් නොවේ.


මුද්‍රිකපානයෙන් මත් නොවෙන්න, එයින් අනාචාරකම් හටගන්නේය;


එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස, අධික කෑමෙන්ද බීමත්කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලාගන්න.


මක්නිසාද දේශයෙහි ඉතුරු වෙන සියල්ලෝම දීකිරි සහ මීපැණිත් කන්නෝය.


ඔහු නපුර එපාකොට යහපත තෝරාගන්ට දැනගන්නා කල, දීකිරිත් මීපැණිත් කන්නේය.


නුඹ කෑ දෙය නුඹ වමාරන්නෙහිය, නුඹේ ප්‍රසන්න වචනද නැතිවන්නේය.


නුඹේ අසල්වාසියාගේ ගෙදරට බොහෝසෙයින් නොයන්න; ගියොත්, සමහරවිට ඔහු නුඹ ගැන වෙහෙසවී, නුඹට වෛරවෙයි.


පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹම විනාශකරගන්නෙහිද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්