Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 25:22 - Sinhala Revised Old Version

22 මා විසින් මොහුගේ සියලු පිරිමින්ගෙන් එක්කෙනෙක්වත් හෙට එළිවෙනතුරු ඉතිරිකළොත් දෙවියන්වහන්සේ දාවිත්ගේ සතුරන්ටත් එසේත් ඊට වැඩියත් කරනසේක්වයි දාවිත් කියා තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 මා මොහුගේ සියලු පිරිමින්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන සේ හෙට එළි වන්නට පෙර මරා නොදැම්මොත් දෙවියන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 මා මොහුගේ සියලු පිරිමින්ගෙන් එක් කෙනෙකු වත් ඉතිරි නොවන සේ හෙට එළි වන්නට පෙර මරා නොදැම්මොත් දෙවියන් වහන්සේ මට ඉතා දරුණු ලෙස දඬුවම් කරන සේක් වා.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 25:22
9 හුවමාරු යොමු  

මම යෙරොබොවම්ගේ වංශය පිටට විපත්ති පමුණුවා, යෙරොබොවම්ගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳ දමා, නිමාවටම කුණු පිසදමන්නාක් මෙන් යෙරොබොවම්ගේ වංශය සහමුලින්ම පිසදමන්නෙමි.


මාගේ පියා නුඹට නපුරක් කරන්ට කැමැත්තේ නම්, නුඹ සමාදානයෙන් යන පිණිස මා ඒක නුඹට දන්වා නුඹ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටිනසේක්වා.


එවිට ඔහු: ස්වාමීන්වහන්සේ නුඹට කී කාරණය මොකද? ඒක මාගෙන් නොසඟවන්න. උන්වහන්සේ නුඹට කී සියලු දෙයින් නුඹ යමක් මාගෙන් සඟවන්නෙහිනම් දෙවියන්වහන්සේ නුඹට එසේමත් ඊට වැඩියෙනුත් කරනසේක්වයි කීවේය.


බලව, මම නුඹ පිටට විපත පමුණුවා නුඹ සහමුලින්ම අහකට පිසදමා ආහබ්ගේ සියලු පිරිමින් ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දාසයන් වුවත් නිර්දාසයන් වුවත් සිඳදමා,


ආහබ්ගේ මුළු වංශය විනාශවන්නේය. ඉශ්‍රායෙල්වරුන් අතරේ දාසයන් නුමුත් නිර්දාසයන් නුමුත් ආහබ්ගේ සියලු පිරිමින් සිඳදමා,


තවද ඔහු රජවී තමාගේ සිංහාසනය පිට හිඳගත් වහාම බාෂාගේ නෑයන්ගෙන්වත් මිත්‍රයන්ගෙන්වත් කිසි පිරිමියෙක්වත් ඔහුට ඉතුරුනොකොට ඔහුගේ වංශයේ සියල්ලන්ට පහරදුන්නේය.


මෙසේ යොනාතාන් දාවිත්ගේ වංශය සමඟ ගිවිසුමක් කොට: ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සතුරන් අතින් ඒක අය කරන සේක්වයි කීවේය.


සාවුල්ද: යොනාතාන්, නුඹ නසින්ටම ඕනෑය, නැත්නම් දෙවියන්වහන්සේ එසේත් ඊට වැඩියෙනුත් මට කරනසේක්වයි කීයේය.


නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, ස්වාමීන්වහන්සේ එසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්