1 ලේකම් 27:28 - Sinhala Revised Old Version පාත රටේ තිබුණු ඔලීව ගස්ද අත්තික්කා ගස්ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත්ව සිටියේය. තෙල් ගබඩා කෙරෙහි යෝවාෂ් පත්ව සිටියේය. Sinhala New Revised Version පාත රටේ තිබුණු ඔලීව ගස් ද අත්තික්කා ගස් ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත් ව සිටියේ ය. තෙල් ගබඩා කෙරෙහි ජෝවාෂ් පත් ව සිටියේ ය. Sinhala New Revised Version 2018 පාත රටේ තිබුණු ඔලීව ගස් ද අත්තික්කා ගස් ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත් ව සිටියේ ය. තෙල් ගබඩා කෙරෙහි ජෝවාෂ් පත් ව සිටියේ ය. |
තවද රජ යෙරුසලමෙහි, රිදී ගල් මෙන්ද කිහිරි ගස් පහත ප්‍රදේශවල තිබෙන අත්තික්කා ගස් මෙන්ද ප්‍රමාණයෙන් බොහෝ වෙන්ට සැලැස්විය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ රැස්කරනු ලැබුවෝය, ඔව්හු ආහාර ලැබ ඔවුන්ට විරුද්ධව ගියෝය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ කුඩා එළු රැළවල් දෙකකට සමානව ඔවුන් ඉදිරියේ කඳවුරු බැඳ සිටියෝය; නුමුත් සිරියවරුන්ගෙන් දේශය පිරී තිබුණේය.
රජුටත් ඔහුගේ ගෘහ වාසීන්ටත් ආහාර සපයන පිණිස සාලමොන්ගේ මුලාදෑනීන් දොළොස්දෙනෙක් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි පත්ව සිටියෝය. එසේ සපයාදීම එකිනෙකාට වැටුණේ අවුරුද්දකට මාසයක් බැගින්ය.
මිදිවතු කෙරෙහි රාමාතිය ෂිමෙයි පත්ව සිටියේය. මිදිවතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය සබ්දී පත්ව සිටියේය.
ඇරත් රජ රන් රිදී යෙරුසලමෙහි ගල් මෙන්ද, කිහිරි ගස් පාත රටෙහි තිබෙන අත්තික්කා ගස් මෙන්ද ගණනින් වැඩිවෙන්ට සැලැස්සුවේය.
උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින්, ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය.