Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොෂුවා 15:41 - Sinhala Revised Old Version

41 ගෙදේරොත්ද බෙත්-දාගොන්ද නයමාද මක්කේදාද යන නුවරවල් දහසය සහ ඒවායේ ගම්ද යන මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 ගෙදේරොත් ද බෙත්-දාගොන් ද නාමා ද මක්කේදා ද යන නගර දහසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 ගෙදේරොත් ද බෙත්-දාගොන් ද නාමා ද මක්කේදා ද යන නගර දහසය සහ ඒවායේ ගම් ද යන මේවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 15:41
10 හුවමාරු යොමු  

පාත රටේ තිබුණු ඔලීව ගස්ද අත්තික්කා ගස්ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත්ව සිටියේය. තෙල් ගබඩා කෙරෙහි යෝවාෂ් පත්ව සිටියේය.


පිලිස්තිවරුද පාත රටේ සහ යූදාහි දකුණු දිශාවේ නුවරවලට වැද, බෙත්-ෂෙමෙෂ්ද අයාලෝන්ද ගෙදේරෝත්ද සොකෝව සහ ඒකේ ගම්ද තිම්නා සහ ඒකේ ගම්ද ගිම්සෝ සහ ඒකේ ගම්ද අල්ලාගෙන, එහි වාසයකළෝය.


යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.


ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි ඔවුන් කලඹා විසුරුවා දැමූසේක. එබැවින් ඔව්හු මහත් මැරීමකින් ගිබියොන් ළඟදී ඔවුන් නසා, බෙත්-හෝරොන්ට නැගීයන මාර්ගයෙහි ඔවුන් ලුහුබඳවා ගොස්, අසේකා සහ මක්කේදා දක්වා ඔවුන්ට පහරදුන්නෝය.


මුළු සෙනඟ මක්කේදාහි කඳවුරට යෝෂුවා වෙතට සුවසේ හැරී ආවෝය. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් කිසිවෙකුට විරුද්ධව කවරෙක්වත් තමාගේ දිව නොසෙල්විය.


ඒ දවසේ යෝෂුවා මක්කේදා අල්වා ඊටත් එහි රජුටත් කඩු මුවහතින් පහරදී, එකද කෙනෙක්වත් ඉතුරු නොකර, ඔවුන්ද එහි සිටිය සියලු ප්‍රාණීන්ද මුළුමනින්ම විනාශකරදමා, යෙරිකෝවේ රජුට කළාක් මෙන් මක්කේදාහි රජුටත් කෙළේය.


මක්කේදාහි රජ එක්කෙනෙක්ය; බෙතෙල්හි රජ එක්කෙනෙක්ය;


කබ්බොන්ද ලාමාම්ද කිත්ලීෂ්ද,


ලිබ්නාද එතෙර්ද ආෂාන්ද,


එතනින් නැගෙනහිරට හැරී බෙත්-දාගොන්ට ගොස්, සාබුලොන්ටත් බෙත්-ඒමෙක්ට සහ නෙයියෙල්ට උතුරෙන් තිබෙන ඉප්තා-යෙල් මිටියාවතටත් පැමිණ, වමට තිබෙන කාබුල්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්