Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:4 - Sinhala Revised Old Version

4 උන්වහන්සේ ඒ මාර්ගයේ යන්ට සිටි බැවින්, ඔහු පෙරටුව දුවගොස් උන්වහන්සේ දකින පිණිස අත්තික්කා ගහකට නැගුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 එබැවින් ඔහු ඉදිරියට දුව ගොස්, උන්වහන්සේ දැක ගන්නට අත්තික්කා ගහකට නැග ගත්තේ ය. මන්ද උන්වහන්සේ යමින් සිටියේ ඒ මාර්ගයේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ජේසුස් වහන්සේ ඒ පාරෙන් යන්න සිටි බැවින්, ඔහු පෙරටුව දුව ගොස්, උන් වහන්සේ දක්නා පිණිස අත්තික්කා ගසකට නැංගේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:4
11 හුවමාරු යොමු  

සිතේ එඩිතරකමෙන්ද අහංකාරයෙන්ද කියන්නාවූ එප්‍රායිම් සහ සමාරියේ වැසියෝද වන මුළු සෙනඟ ඒක දැනගන්නෝය.


නුමුත් සමූහයා නිසා ඇතුළට ගෙනයන්ට අන්දමක් නොදැක, වහලට නැගී සෙවිල්ල ඇර, යේසුස්වහන්සේ ඉදිරියෙහි ඇඳත් සමඟ ඔහු මැදට බැස්සෙවුවෝය.


පාත රටේ තිබුණු ඔලීව ගස්ද අත්තික්කා ගස්ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත්ව සිටියේය. තෙල් ගබඩා කෙරෙහි යෝවාෂ් පත්ව සිටියේය.


තවද රජ යෙරුසලමෙහි, රිදී ගල් මෙන්ද කිහිරි ගස් පහත ප්‍රදේශවල තිබෙන අත්තික්කා ගස් මෙන්ද ප්‍රමාණයෙන් බොහෝ වෙන්ට සැලැස්විය.


ආමොස් උත්තරදෙමින්: මම අනාගතවක්තෘ කෙනෙක්වත් අනාගතවක්තෘ කෙනෙකුගේ පුත්‍රයෙක්වත් නොව එඬේරෙක්ව අත්තික්කා ගස් වවන්නෙක්ව සිටියෙමි.


ඔවුන්ගේ මිදිවැල් ගල් වැස්සෙන්ද අත්තික්කා ගස් තුෂාරයෙන්ද විනාශ කළසේක.


ඇරත් රජ රන් රිදී යෙරුසලමෙහි ගල් මෙන්ද, කිහිරි ගස් පාත රටෙහි තිබෙන අත්තික්කා ගස් මෙන්ද ගණනින් වැඩිවෙන්ට සැලැස්සුවේය.


තවද රජ යෙරුසලමෙහි, රිදී ගල් මෙන්ද කිහිරි ලී පාත රටේ තිබෙන අත්තික්කා ගස් මෙන්ද බොහෝ වෙන්ට සැලැස්සුවේය.


ස්වාමීන්වහන්සේ කියනසේක්: අබ ඇටයක ප්‍රමාණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ ඇඹිල්ල ගහට කථාකොට: ඉදිරී මුහුදේ සිටවෙවයි කියන්නහු නම් ඒක නුඹලාට කීකරුවෙනවා ඇත.


යේසුස්වහන්සේ කවුද කියා බලන්ට සෙවීය; නුමුත් ඔහු මිටි බැවින් සමූහයා නිසා නොහැකිවිය.


යේසුස්වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා ඔහුට කථාකොට: සාකෙවුස්, වහාම බසින්න, මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්