1 ලේකම් 23:14 - Sinhala Revised Old Version නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිතියයි ගණන්ගන්නාලද්දෝය. Sinhala New Revised Version එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිති යයි ගණන් ගන්නා ලද්දෝ ය. Sinhala New Revised Version 2018 එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිති යයි ගණන් ගන්නා ලද්දෝ ය. |
ඔව්හු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තමුන්ගේ පිළිවෙළින් තමුන්ගේ ස්ථානවල සිටියෝය. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝය.
එකල යෝශාදාක්ගේ පුත්‍රවූ යේෂුවාද පූජකයෝවූ ඔහුගේ සහෝදරයෝද ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ සෙරුබ්බාබෙල්ද ඔහුගේ සහෝදරයෝද නැගිට දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස දවන පූජා ඔප්පුකරන පිණිස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේගේ පූජාසනය ගොඩනැගුවෝය.
දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.
එවිට යූදාගේ පුත්‍රයෝ ගිල්ගාල්හි සිටි යෝෂුවා වෙතට ආවෝය. කෙනිස්සියවූ යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ට ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේදී මා ගැනත් නුඹ ගැනත් කී කාරණය නුඹ දන්නෙහිය.