Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 23:14 - Sinhala New Revised Version

14 එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිති යයි ගණන් ගන්නා ලද්දෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත්, දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිති යයි ගණන් ගන්නා ලද්දෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිතියයි ගණන්ගන්නාලද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:14
7 හුවමාරු යොමු  

දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:


සමිඳුනි, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.


මෝසෙස්ගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම් සහ එලියෙසෙර් ය.


එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය.


ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ හැටියට තම තමන්ගේ නියම පිළිවෙළට තම තමන්ගේ ස්ථානවල සිටගත්හ. පූජකයෝ ලෙවීවරුන්ගේ අතින් ලේ රැගෙන ඉස්සෝ ය.


ඒ අවස්ථාවේ දී ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද පූජකයන් වූ ඔහුගේ සහෝදරයෝ ද ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ඔහුගේ සහෝදරයෝ ද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියා තිබෙන ලෙස, දවන යාග පූජා ඔප්පු කරන පිණිස, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේගේ පූජාසනය ගොඩනැඟීමට පටන්ගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්