Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොෂුවා 14:6 - Sinhala Revised Old Version

6 එවිට යූදාගේ පුත්‍රයෝ ගිල්ගාල්හි සිටි යෝෂුවා වෙතට ආවෝය. කෙනිස්සියවූ යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ට ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේදී මා ගැනත් නුඹ ගැනත් කී කාරණය නුඹ දන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එවිට ජුදා ගෝත්‍රය ගිල්ගාල්හි සිටි ජෝෂුවා වෙත ආවෝ ය. කෙනිස්සියේ වැසියෙකු වූ ජෙපුන්නේගේ පුත් කාලෙබ් ජෝෂුවා අමතා මෙසේ කීවේ ය: “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙකු වූ මෝසෙස්ට සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේයේ දී මා ගැනත්, ඔබ ගැනත් වදාළ කාරණය ඔබ දන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොෂුවා 14:6
30 හුවමාරු යොමු  

නුඹලා යම් දේශයක වාසයකරවමියි කියා මාගේ අත එසවීම්ද, එහි යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද මිස නුඹලා නම් කිසිසේත් ඇතුල්නොවන්නහුය.


එහෙත් මාගේ මෙහෙකරුවූ කාලෙබ්ට වෙන ආකාර සිතක් තිබුණු බැවින්ද ඔහු සම්පූර්ණ ලෙස මා අනුව ආ බැවින්ද ඔහු ගිය දේශයට මම ඔහු පමුණුවන්නෙමි; ඔහුගේ වංශයද එය හිමිකරගන්නේය.


යූදා ගෝත්‍රයෙන් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ය.


එබැවින් කෙනිස්සිය යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් සම්පූර්ණ ලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අනුව ගිය නිසා හෙබ්‍රොන් අද දවස දක්වා ඔහුගේ උරුමයව තිබේ.


දේශය සෝදිසිකළවුන්ගෙන් නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන,


කාලෙබ්ගේ සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල් ඒක අල්ලාගත්තේය. කාලෙබ් තමාගේ දුවවූ අක්සා ඔහුට භාර්යාව කොට පාවාදුන්නේය.


මිසරයෙන් ආවාවූ විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ මනුෂ්‍යයන්ගෙන් කිසිවෙක් මා විසින් ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන්ට දිවුළ දේශය සැබවින්ම නොදක්නෝය; මක්නිසාද ඔවුන් සම්පූර්ණ ලෙස මා පස්සේ ආවේ නැතැයි කීසේක.


මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.


ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.


නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.


තවද ඛේදයට පත්වෙන තුරුම දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ඔහු දෙස තදින් බලාසිට පසුව ඇඬුවේය.


එලිෂා දමස්කයට පැමුණුණේය; එකල්හි බෙන්-හදද් රජ ලෙඩින් සිටියේය. එවිට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා මෙහි ආයේය කියා ඔහුට දන්වනලද්දේය.


තවද බාල්-ෂාලිෂාහි සිට මනුෂ්‍යයෙක් ප්‍රථම අස්වැන්නෙන් රොටිද යව රොටි විස්සක්ද අලුත් ගොයම් කරල්ද තමාගේ මල්ලේ දමා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වෙතට ගෙනාවේය. ඔහුද: සෙනඟට කන්ට දෙන්නැයි කීවේය.


ඔහු: ලබන අවුරුද්දේ මේ කාලය පැමිණි විට නුඹ පුත්‍රයෙකු වැළඳගන්නීයයි කීවේය. ඈද: නැත, මාගේ ස්වාමිනි, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගේ දාසීට බොරු කියන්ට එපායයි කීවාය.


ඈ ඇගේ පුරුෂයාට කථාකොට: නිතරම අප ළඟින් යන එන මොහු දෙවියන්වහන්සේගේ ශුද්ධ මනුෂ්‍යයෙක් බව මට පෙනෙයි.


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා පස්සේ ගොස් ඔහු අලෝන ගහක් යට ඉන්නවා දැක: යූදා සිට ආ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා නුඹදැයි ඔහුගෙන් ඇසීය. ඒ මමයයි ඔහු කීවේය.


යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යූදා සිට බෙතෙල්ට ඇවිත්,


ඉක්බිති යෝෂුවාද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිල්ගාල්හි කඳවුරට හැරී ආවෝය.


මෙසේ සෙනඟ පළමුවෙනි මස දසවෙනිදා යොර්දානෙන් නැගී අවුත් යෙරිකෝවට නැගෙනහිර දිශාවෙන් ගිල්ගාල්හි කඳවුරු බැඳ ගත්තෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස් යවා මිසර දේශයෙහි ඵාරාවෝටත් ඔහුගේ සියලු මෙහෙකරුවන්ටත් ඔහුගේ මුළු දේශයටත් කෙරෙවුවාවූ ඒ සියලු ලකුණුද ආශ්චර්යද,


මෙසේ ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් ස්වාමීන්වහන්සේගේ වචනය ලෙස මෝවබ් දේශයේ ඒ ස්ථානයේදී නැසුණේය.


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.


කාලෙබ් මෝසෙස් ඉදිරියෙහි සෙනඟ නිශ්ශබ්ද කරවා: අපි වහාම නැගී ගොස් ඒක හිමිකර ගනිමු; මක්නිසාද අපට ඒක යටත්කරගන්ට හොඳටම පුළුවනැයි කීය.


මක්නිසාද: ඔව්හු කාන්තාරයෙහි සැබවින්ම මියන්නෝයයි ස්වාමීන්වහන්සේ ඔවුන් ගැන කීසේක. එහෙත් යෙඵුන්නෙගේ පුත්‍රවූ කාලෙබ්ද නූන්ගේ පුත්‍රවූ යෝෂුවාද හැර ඔවුන්ගෙන් කිසිවෙක්වත් ඉතුරු නොවීය.


ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ෂල්ලුම්ගේ පුත්‍රවූ දොරටුපාලයාවූ මයසේයාගේ ඇතුල්ගෙට ඉහළින් තිබුණාවූ, අධිපතීන්ගේ ඇතුල් ගෙට යාව තිබුණාවූ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත්‍රවූ හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුල්ගෙට ඇවිත්,


නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිතියයි ගණන්ගන්නාලද්දෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්