Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 33:1 - Sinhala Revised Old Version

1 දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස් තමාගේ මරණයට පළමුවෙන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කළාවූ ආශීර්වාදය මේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 33:1
20 හුවමාරු යොමු  

එවිට යූදාගේ පුත්‍රයෝ ගිල්ගාල්හි සිටි යෝෂුවා වෙතට ආවෝය. කෙනිස්සියවූ යෙඵුන්නේගේ පුත්‍රවූ කාලෙබ් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ට ස්වාමීන්වහන්සේ කාදෙෂ්-බර්නේයේදී මා ගැනත් නුඹ ගැනත් කී කාරණය නුඹ දන්නෙහිය.


මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.


නුමුත්, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, නුඹ වනාහි මේවායින් පලාගොස්, ධර්මිෂ්ඨකමද භක්තිවන්තකමද ඇදහිල්ලද ප්‍රේමයද ස්ථිරකමද මොළොක්ගුණයද පස්සේ යන්න.


මා තුළ නුඹලාට සමාදානය තිබෙන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත් වෙන්න; මම ලෝකයෙන් ජයගතිමියි කීසේක.


නුඹලා වෙත සමාදානය තබා යමි; මාගේ සමාදානය නුඹලාට දෙමි. මා දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ. නුඹලාගේ සිත් කැලඹෙන්ටවත් භයවෙන්ටවත් නොදෙන්න.


ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.


රජතෙමේ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට කථාකොට: මාගේ අත සුවවෙන පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කර මා උදෙසා යාච්ඤාකරන්නැයි කීවේය. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ස්වාමීන්වහන්සේට කන්නලව් කෙළේය. එවිට රජුගේ අත සුවවී පෙර තිබුණාක් මෙන් විය.


යෙරොබොවම් සුවඳ දුම් ඔප්පුකරමින් පූජාසනය ළඟ සිටිද්දී දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ස්වාමීන්වහන්සේගේ ආඥාව පිට යූදා සිට බෙතෙල්ට ඇවිත්,


දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් ඒලී ළඟට ඇවිත් කථාකොට: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–නුඹේ පියාගේ වංශය මිසරයෙහි ඵාරාවෝගේ ගෙදර සිටිද්දී මම ඔවුන්ට ප්‍රකාශ නූණෙම්ද?


එවිට ඒ ස්ත්‍රී අවුත් ඇගේ පුරුෂයාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මා ළඟට ආයේය, ඔහුගේ පෙනීම දේවදූතයෙකුගේ පෙනීම හා සමානව ඉතා භයානකව තිබුණේය; ඔහු කොතැනින් ආවාද කියා මම නොඇසීමි, ඔහු තමාගේ නම මට දැන්නුවෙත් නැත.


මොවුන් සියල්ලෝ ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසය. ඔවුන්ගේ පියා ඔවුන්ට ආශීර්වාදකරමින් ඔවුන්ට කීවේ මෙලෙසය; ඒ ඒ අයගේ ආශීර්වාදය ලෙස ඔහු ඔවුන්ට ආශීර්වාදකෙළේය.


එවිට යාකොබ් තමාගේ පුත්‍රයන් කැඳවා: මතු කාලයේදී නුඹලාට පැමිණෙන්ට තිබෙන දේ නුඹලාට දන්වන පිණිස රැස්වෙන්න.


මට රුචිවූ රසවත් කෑම සාදන්න; මා එයින් කා, මැරෙන්ට ප්‍රථමයෙන් මාගේ ආත්මය නුඹට ආශීර්වාදකරන පිණිස ඒක මා ළඟට ගෙනෙන්නැයි කීය.


නුමුත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ මෝසෙස්ගේ පුත්‍රයෝ ලෙවී ගෝත්‍රයට අයිතියයි ගණන්ගන්නාලද්දෝය.


ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ෂල්ලුම්ගේ පුත්‍රවූ දොරටුපාලයාවූ මයසේයාගේ ඇතුල්ගෙට ඉහළින් තිබුණාවූ, අධිපතීන්ගේ ඇතුල් ගෙට යාව තිබුණාවූ, දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා වන ඉග්දලියාගේ පුත්‍රවූ හානාන්ගේ පුත්‍රයන්ගේ ඇතුල්ගෙට ඇවිත්,


තවද ඔහු තමාගේ පියවූ දාවිත්ගේ නියෝගය ලෙස පූජක පංක්ති ඔවුන්ගේ සේවයටද ලෙවීවරුන් එක එක දවසට සුදුසු ලෙස පූජකයන් ඉදිරියෙහි සේවයකිරීමත් ප්‍රශංසාකිරීමත් යන ඔවුන්ට භාරවූ වැඩටද දොරටුපාලයන් ඔවුන්ගේ පංක්තිවල හැටියට එක එක දොරටුවටද නියමකෙළේය. මක්නිසාද දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාවූ දාවිත් මෙසේ අණකර තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්