ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 22:16 - Sinhala Revised Old Version

ගණන් නැතිතරම් රන්ද රිදීද පිත්තලද යකඩද තිබේ; නැගිට වැඩ පටන්ගන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක්වයි කීය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ගණන් නැති තරම් රන් ද රිදී ද ලෝකඩ ද යකඩ ද තිබේ. නැඟිට වැඩ පටන් ගන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක්වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ගණන් නැති තරම් රන් ද රිදී ද ලෝකඩ ද යකඩ ද තිබේ. නැඟිට වැඩ පටන් ගන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක්වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 22:16
22 හුවමාරු යොමු  

මම පොළොවේ සියල්ලන් යන ගමන යමි. එබැවින් නුඹ බලවත්ව පුරුෂයෙකු මෙන් සිටින්න;


ඒ සියලු බඩු ඉතා මහත් ගණනක්ව තිබුණ බැවින් සාලමොන් ඒවා නොකිරා හැරියේය. පිත්තලවල බරද දැනගත්තේ නැත.


ඉතින් මාගේ පුත්‍රය, නුඹ සඵලවී, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ගැන කීලෙස උන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස උන්වහන්සේ නුඹ සමඟ වනසේක්වා.


මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට නුඹට පුළුවන.


තවද කර්මාන්තකාරයෝ වන ගල්වඩුවෝද ගල් හා ලී වැඩ කරන්නෝද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝද බොහෝ දෙනෙක්ම නුඹට සිටිති;


දොරටුවල දොර ඇණ පිණිසත් සන්ධි පිණිසත් දාවිත් යකඩ බොහෝමයක් සූදානම්කෙළේය; ගණන් නැති බොහෝ පිත්තලත් ගණන් නැති කිහිරි ලීත් සූදානම්කෙළේය.


ඉතින් බලාගන්න; මක්නිසාද ශුද්ධස්ථානයක් කොට ගෘහයක් ගොඩනැගීමට ස්වාමීන්වහන්සේ නුඹ තෝරාගන සිටිනසේක. ශක්තිමත්ව සිට ඒක කරන්නැයි කීවේය.


එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහය ගැන රන් වැඩට රන්ද රිදී වැඩට රිදීද පිත්තල වැඩට පිත්තලද යකඩ වැඩට යකඩද ලී වැඩට ලීද නඛමාණික්‍යද බැඳීමට ගල්ද ඔබ්බන පිණිස ගල්ද විසිතුරු ගල්ද සියලු ආකාර අනර්ඝ ගල්ද කිරිගරුඬ ගල්ද බොහෝසෙයින්ම සූදානම්කෙළෙමි.


දාවිත්ගේ පුත්‍රවූ සාලමොන් තමාගේ රජකමෙහි ස්ථිරවිය, ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතාම උසස් කළසේක.


යූදාවරුනි, යෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේදී නුඹලා සටන්කරන්ට ඕනෑ නැත. සැරසී නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන ගැළවීම බලාසිටින්න. ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ සිටින නිසා භයනොවී, නොකැලඹී, හෙට ඔවුන් වෙතට පිටත්ව යන්නය කියා වදාරනසේකැයි කීවේය.


එහෙයින්, මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ කෙරෙහි නුඹලාගේ මෙහෙය නිෂ්ඵල නොවන බව නුඹලා දන්නා බැවින් ස්ථිරවව්, නිශ්චලවව්, නිතරම ස්වාමීන්වහන්සේගේ මෙහෙයෙහි වඩ වඩා පවතිව්.


එහෙයින්: නිදන්නාවූ නුඹ පිබිද මළවුන්ගෙන් නැගිටින්න, එවිට ක්‍රිස්තුස්වහන්සේ නුඹ කෙරෙහි උදාවනසේකැයි උන්වහන්සේ කියනසේක.


මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන.


මාගේ මෙහෙකරුවූ මෝසෙස් මළේය; එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනඟත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න.


නුඹේ ජීවිතයේ සියලු දවස්වල කිසිවෙකුට නුඹට විරුද්ධව සිටින්ට නොහැකි වන්නේය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන්ම නුඹ සමඟත් සිටින්නෙමි. නුඹෙන් අහක්ව නොයන්නෙමි, නුඹ අත්නාරින්නෙමි.


මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: නැගිටින්න; මක්නිසා මෙසේ මුහුණින් වැතිර ඉන්නෙහිද?


එවිට දෙබොරා බාරාක්ට කථාකොට: නැගිටින්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ සිසෙරා නුඹ අතට පාවාදෙන දවස මේය. ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව යනවා නොවේදැයි කීවාය. එහෙයින් බාරාක්ද ඔහු පස්සේ මනුෂ්‍යයන් දසදහසක්ද තාබෝර් කන්දෙන් බැස ගියෝය.


තවද දාවිත්: සිංහයාගේ නියපහරින්ද වලසාගේ නියපහරින්ද මා ගැළවූ ස්වාමීන්වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවනසේකැයි කීවේය. සාවුල් කථාකොට: යන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටින සේක්වයි දාවිත්ට කීවේය.


මාගේ පියා නුඹට නපුරක් කරන්ට කැමැත්තේ නම්, නුඹ සමාදානයෙන් යන පිණිස මා ඒක නුඹට දන්වා නුඹ පිටත්කර නොහැරියොත්, ස්වාමීන්වහන්සේ යොනාතාන්ට එසේමත් ඊට වැඩියෙනුත් කරන සේක්වා. ස්වාමීන්වහන්සේ මාගේ පියාණන් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටිනසේක්වා.