Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 22:16 - Sinhala New Revised Version 2018

16 ගණන් නැති තරම් රන් ද රිදී ද ලෝකඩ ද යකඩ ද තිබේ. නැඟිට වැඩ පටන් ගන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක්වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ගණන් නැති තරම් රන් ද රිදී ද ලෝකඩ ද යකඩ ද තිබේ. නැඟිට වැඩ පටන් ගන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක්වා”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 ගණන් නැතිතරම් රන්ද රිදීද පිත්තලද යකඩද තිබේ; නැගිට වැඩ පටන්ගන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක්වයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 22:16
22 හුවමාරු යොමු  

“ඉතින් මාගේ පුත්‍රය, ඔබ සඵල වී, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගැන වදාළ ලෙස උන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක් වා!


මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය.


එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: “නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”


එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ පිළිතුරු දුන් සේක: “නැඟිටින්න; නුඹ කුමක් නිසා මෙසේ මුණින් වැතිරී සිටින්නෙහි ද?


ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”


දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.


මෙන්න, මා දිළිඳු වුව ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රන් මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකුත්, රිදී මෙට්රික් ටොන් තිස්හතරදහසකුත් ගණන් නැති තරම් ලෝකඩත්, යකඩත් සූදානම් කෙළෙමි. ඒවා අතිශයින් වැඩි ය. ඒ ඇර ලී ද ගල් ද සූදානම් කෙළෙමි. ඒවාට තව එකතු කරන්න ඔබට පුළුවන.


දොරටුවල ඇණ පිණිසත්, සන්ධි පිණිසත් දාවිත් යකඩ රාශියක් සූදානම් කෙළේ ය. කිරන්න බැරි තරම් බොහෝ ලෝකඩත්, ගණන් නැති කිහිරි ලීත් සූදානම් කෙළේ ය.


මාගේ පියා ඔබට නපුරක් කරන්නට අදහස් කර ඇත්නම්, ඔබ සාමදානයෙන් යන පිණිස මා ඒ බව ඔබට දන්වා ඔබ පිටත් කර නොහැරියොත්, සමිඳාණන් වහන්සේ ඉතා දරුණු ලෙස මට දඬුවම් කරන සේක් වා! සමිඳාණන් වහන්සේ මාගේ පියා සමඟ වැඩ සිටියාක් මෙන් ඔබ සමඟත් වැඩ සිටින සේක.


සිංහයාගේ නිය පහරින් ද වලසාගේ නිය පහරින් ද මා ගැළෙවු සමිඳාණන් වහන්සේ මේ පිලිස්තියයාගේ අතිනුත් මා ගළවන සේක.” සාවුල් කතා කොට, “යන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”යි දාවිත්ට කී ය.


එවිට දෙබොරා බාරාක් අමතා, “නැඟිටින්න, මන්ද, සමිඳාණන් වහන්සේ සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේ ය: සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුව යන සේකැ”යි කීවා ය. එහෙයින්, බාරාක් ද ඔහු අනුව මිනිස්සු දසදහසක් ද තාබෝර් කන්දෙන් බැස ගියෝ ය.


“මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න.


ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මේ යුද්ධයේ දී ඔබ සටන් කරන්න ඕනෑ නැත.’ සැරසී නිශ්චල ව සිට සමිඳාණන් වහන්සේ ඔබට දෙන ගැළවීම බලා සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින නිසා බිය නොවී, නොකැළඹී, හෙට ඔවුන් වෙත පිටත් ව යන්නැ”යි පැවසී ය.


තවද, ශිල්පීන් වන ගල්වඩුවෝ ද ගල් හා ලී වැඩ කරන්නෝ ද සියලු ආකාර වැඩවලට සියලු ආකාර ප්‍රඥාවන්තයෝ ද බොහෝ දෙනෙක් ම ඔබට සිටිති.


“කොයිකාටත් පොදු අන්තිම ගමන මම යමි. එබැවින් ඔබ ශක්තිමත් වී, වීරයෙකු මෙන් ක්‍රියා කරන්න.


ඒ සියලු බඩු ඉතා විශාල ගණනක් වූ බැවින් සලමොන් රජ ඒවා කිරුවේ නැත. ලෝකඩවල බර ද දැනගත්තේ නැත.


ඒ නිසා මෙය සිතට ගන්න. මන්ද, ශුද්ධස්ථානයක් වන පිණිස දේව මාලිගාවක් ගොඩනැඟීමට සමිඳාණන් වහන්සේ ඔබ තෝරාගෙන සිටින සේක. ශක්තිමත් ව සිට එය කරන්නැ”යි කී ය.


එබැවින් මාගේ මුළු ශක්තියෙන් මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගැන රන් වැඩට රන් ද රිදී වැඩට රිදී ද ලෝකඩ වැඩට ලෝකඩ ද යකඩ වැඩට යකඩ ද ලී වැඩට ලී ද නඛමාණික්‍ය ද බැඳීමට ගල් ද ඔබ්බනු පිණිස ගල් ද විසිතුරු ගල් ද සියලු ආකාර මැණික් ගල් ද කිරිගරුඬ ගල් ද බොහෝ සෙයින් ම සූදානම් කෙළෙමි.


දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්