ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද මඩින යකඩ යන්ත්‍රවලින්ද යකඩ පොරෝවලින්ද කපා දැමුවේය, ගඩොල් උදුන මැදින් යන්ටද සැලැස්සුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත් සහ මුළු සෙනඟ යෙරුසලමට හැරී ආවෝය.
1 ලේකම් 20:3 - Sinhala Revised Old Version ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද යකඩ දැතිපෝරුවලින්ද පොරෝවලින්ද ඔවුන් කැපුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත්ද මුළු සෙනඟද යෙරුසලමට හැරී ආවෝය. Sinhala New Revised Version ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත් ද යකඩ දැති පෝරු ද පොරෝ ද ඔවුන්ට දී ඔවුන්ගෙන් වැඩ ගත්තේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් ද මුළු සෙනඟ ද ජෙරුසලමට හැරී ආවෝ ය. Sinhala New Revised Version 2018 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත් ද යකඩ දැති පෝරු ද පොරෝ ද ඔවුන්ට දී ඔවුන්ගෙන් වැඩ ගත්තේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් ද මුළු සෙනඟ ද ජෙරුසලමට හැරී ආවෝ ය. |
ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද මඩින යකඩ යන්ත්‍රවලින්ද යකඩ පොරෝවලින්ද කපා දැමුවේය, ගඩොල් උදුන මැදින් යන්ටද සැලැස්සුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත් සහ මුළු සෙනඟ යෙරුසලමට හැරී ආවෝය.
දේශයෙහි ඉතිරිව සිටියාවූ ඔවුන්ගේ පුත්‍රයන්ගෙන් සාලමොන් අද දවස දක්වා රාජකාරියට දාසයන් ගණනක් ගත්තේය.
ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.
ඔව්හු ගල්ගසනු ලැබුවෝය, කියතෙන් ඉරනු ලැබුවෝය, පරීක්ෂා කරනු ලැබුවෝය, කඩුවෙන් මරනු ලැබුවෝය. ඔව්හු අසරණකම්ද පීඩාද නපුරුකමද විඳිමින්, බැටළු හම්ද එළු හම්ද ඇඳගෙන, ඔබ මොබ ගියෝය.
ඉතින් නුඹලා ශාපලද්දෝය, නුඹලාගෙන් මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයට දර කපන්නෝද දිය අදින්නෝද යන දාසයෝ කිසි කලක තොරනොවන්නාහයි ඔවුන්ට කීවේය.