Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 20:3 - Sinhala New Revised Version 2018

3 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත් ද යකඩ දැති පෝරු ද පොරෝ ද ඔවුන්ට දී ඔවුන්ගෙන් වැඩ ගත්තේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් ද මුළු සෙනඟ ද ජෙරුසලමට හැරී ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත් ද යකඩ දැති පෝරු ද පොරෝ ද ඔවුන්ට දී ඔවුන්ගෙන් වැඩ ගත්තේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් ද මුළු සෙනඟ ද ජෙරුසලමට හැරී ආවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද යකඩ දැතිපෝරුවලින්ද පොරෝවලින්ද ඔවුන් කැපුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත්ද මුළු සෙනඟද යෙරුසලමට හැරී ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 20:3
9 හුවමාරු යොමු  

දේශයෙහි ඉතිරි ව සිටි ඔවුන්ගේ ජනයාගෙන් සලමොන් රජ අද දවස දක්වා රාජකාරියට වහලුන් ගණනාවක් ගත්තේ ය.


ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා, කියත්වලින් ද යකඩ ගල් කටුවලින් ද යකඩ පොරෝවලින් ද වැඩ කරන්නටත්, ගඩොල් උදුන්වල වැඩ කරන්නටත් ඔවුන් යෙදෙවුවේ ය. ඔහු අම්මොන්වරුන්ගේ සියලු නගරවලට මෙසේ කෙළේ ය. ඉන්පසු දාවිත් රජ සහ මුළු සෙනඟ ජෙරුසලමට පෙරළා ආහ.


මෙසේ කළ නිසා ඔබ සාප ලද්දහු ය. ඔබ අතරෙන් සමහරෙකු මාගේ දෙවියන් වහන්සේගේ ගෘහයට දර කපන්නන් ද දිය අදින්නන් ද වශයෙන් සෑම කල්හි ම ඔබ සපයනු ඇතැ”යි කීවේ ය.


මෙලෙස කුඹල් කර්මාන්තය, ගඩොල් කර්මාන්තය හා කෙත්වල විවිධ කෘෂිකර්මාන්ත වැනි දරුණු වහල් මෙහෙවරින් ඔව්හු ඔවුන්ගේ ජීවිත දැරිය නොහැකි තත්ත්වයකට පත් කළහ. තවද, ඔව්හු ඔවුන්ගෙන් බලහත්කාරයෙන් සියලු ආකාර බර වැඩ ගත්හ.


ඔව්හු ගල් පහර ලැබූ හ. කියතෙන් දෙකට ඉරනු ලැබූ හ, කඩුවෙන් මරනු ලැබූ හ. ඔව්හු අනාථ ව දුක් පීඩා විඳිමින්, බැටළු හම් හා එළු හම් ඇඳ, ඔබමොබ ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්