Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 20:4 - Sinhala Revised Old Version

4 ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙසෙර්හි යුද්ධයක් හටගත්තේය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ සිප්පයි මැරුවේය. ඔව්හු යටත්කරනු ලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඉන්පසු පිලිස්තිවරුන් සමඟ ගෙශෙර්හි යුද්ධයක් හට ගත්තේ ය. එකල හුෂාතිය සිබ්බෙකයි තෙමේ යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක් කෙනෙකු වූ සිප්පයි මැරුවේ ය. පිල්සිතිවරු යටත් කරනු ලැබුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 20:4
9 හුවමාරු යොමු  

හුෂාතිය සිබ්බෙකයිය, අහොහීය ඉලයිය;


නැවත ඉශ්‍රායෙල් සමඟ පිලිස්තිවරුන්ගේ යුද්ධයක් විය; දාවිත්ද තමාගේ සේවකයන් සමඟ ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන්කෙළේය. දාවිත් විඩාවට පැමිණියේය.


එතනින් බස්නාහිරට යප්ලේතිවරුන්ගේ සීමාවටත් පහළ බෙත්-හෝරොන් සීමාවටත් ගෙසෙර්ටත් බැස ගොස්, මුහුද ළඟ කෙළවරවුණේය.


එග්ලොන්හි රජ එක්කෙනෙක්ය; ගෙසෙර්හි රජ එක්කෙනෙක්ය;


දසසතරවෙනි අවුරුද්දේදී කෙදොර්-ලායොමෙර්ද ඔහු සමඟ සිටි රජවරුද ඇවිත් අෂ්තෙරොත්-කර්ණයිම්හි සිටිය රෙඵාවරුන්ටත් හාම්හි සිටිය සූසිවරුන්ටත් කිරියාතායිම් සමබිමේ සිටි ඒමිවරුන්ටත්


එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.


දාවිත් දෙවියන්වහන්සේ අණකළ ලෙස කෙළේය. ඔව්හු ගිබියොන් සිට ගෙසෙර් දක්වා පිලිස්තිවරුන්ගේ සේනාවට පහරදුන්නෝය.


අටවෙනි මාසයට අටවෙනි අධිපතියා නම් සෙරෙහිවරුන්ගෙන් එක්කෙනෙක්වූ හුෂාතිය සිබ්බෙකයිය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්