සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝබාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය.
1 ලේකම් 19:18 - Sinhala Revised Old Version නුමුත් ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් සිරියවරු පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත් දහසක මිනිසුන්ද පාබළ සෙනඟ සතළිස් දහසක්ද මරාදමා, සේනාපතියාවූ ෂෝපාක්ද මැරුවේය. Sinhala New Revised Version එහෙත්, ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් සිරියන්වරු පලා ගියෝ ය. දාවිත් සිරියන්වරුන්ගෙන් රථ සත්දහසක මිනිසුන් ද පා බළ සේනාවෙන් සතළිස්දහසක් ද මරා දමා, සේනාපතියා වූ ෂෝපාක් ද මැරුවේ ය. Sinhala New Revised Version 2018 එහෙත්, ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් සිරියන්වරු පලා ගියෝ ය. දාවිත් සිරියන්වරුන්ගෙන් රථ සත්දහසක මිනිසුන් ද පා බළ සේනාවෙන් සතළිස්දහසක් ද මරා දමා, සේනාපතියා වූ ෂෝපාක් ද මැරුවේ ය. |
සිරියවරුද දාවිත්ට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන්කළවිට ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙන් පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත්සියයක මිනිසුන්ද අසරුවන් සතළිස් දහසක්ද මරා ඔවුන්ගේ සේනාපතිවූ ෂෝබාටත් පහරදුන්නේය, ඔහුද එහිදී මළේය.
එපවත් දාවිත්ට දැන්වූ කල ඔහු සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කරගන යොර්දානෙන් එගොඩව ඔවුන් ළඟට ඇවිත්, ඔවුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටියේය. එසේ දාවිත් සිරියවරුන්ට විරුද්ධව යුද්ධ පිළිවෙළින් සිටි විට ඔව්හු ඔහුට විරුද්ධව සටන්කළෝය.
හදර්එසෙර්ගේ සේවකයෝ තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක දාවිත් සමඟ සමාදානවී ඔහුට මෙහෙකළෝය. සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට කැමති නොවූහ.
මහත් සේනාව කරණකොටගෙන ගැළවුණු රජෙක් නැත. බලසම්පන්න මනුෂ්‍යයෙක් තමාගේ මහත් ශක්තියෙන් නොගැළවෙයි.