Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 19:18 - Sinhala New Revised Version

18 එහෙත්, ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් සිරියන්වරු පලා ගියෝ ය. දාවිත් සිරියන්වරුන්ගෙන් රථ සත්දහසක මිනිසුන් ද පා බළ සේනාවෙන් සතළිස්දහසක් ද මරා දමා, සේනාපතියා වූ ෂෝපාක් ද මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එහෙත්, ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් සිරියන්වරු පලා ගියෝ ය. දාවිත් සිරියන්වරුන්ගෙන් රථ සත්දහසක මිනිසුන් ද පා බළ සේනාවෙන් සතළිස්දහසක් ද මරා දමා, සේනාපතියා වූ ෂෝපාක් ද මැරුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 නුමුත් ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් සිරියවරු පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත් දහසක මිනිසුන්ද පාබළ සෙනඟ සතළිස් දහසක්ද මරාදමා, සේනාපතියාවූ ෂෝපාක්ද මැරුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 19:18
7 හුවමාරු යොමු  

සිරියන්වරුන් ද දාවිත් රජුට විරුද්ධ ව යුද්ධයට සැරසී ඔහු සමඟ සටන් කළ විට ඔව්හු ඉශ්රායෙල් ඉදිරියෙන් පලා ගියහ. දාවිත් සිරියන්වරුන්ගේ රියැදුරන් හත්සියයක් ද අසරුවන් සතළිස්දහසක් ද මරා, ඔවුන්ගේ සෙන්පති ෂෝබාටත් පහර දුන්නේ ය. ඔහු එතැන ම මළේ ය.


සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.


චතුරංගනි සේනා බලය නිසා ගැළවුණු රජෙක් නැත; තම වීර වික්‍රමයෙන් ගැළවීම සලසා ගත් රණ ශූරයෙක් නැත.


මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය.


එපවත් දාවිත්ට දැන් වූ කල ඔහු සියලු ඉශ්රායෙල්වරුන් රැස් කරගෙන, ජොර්දානෙන් එගොඩ වී ඔවුන් ළඟට අවුත්, ඔවුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටියේ ය. එසේ දාවිත් සිරියන්වරුන්ට විරුද්ධ ව යුද්ධයට පෙළ ගැසී සිටි විට, ඔව්හු ඔහුට විරුද්ධ ව සටන් කළෝ ය.


හදද්-එශෙර්ගේ සේවකයෝ තමන් ඉශ්රායෙල්වරුන්ට පරාජය වූ බව දැක, දාවිත් සමඟ සාමදාන වී ඔහුට මෙහෙකළෝ ය. ඉන්පසු සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්න කැමැති නොවූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්