Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 18:32 - Sinhala Revised Old Version

32 මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 මාගේ ඉඟටිය බලයෙන් පළඳවන්නෝ දෙවිඳාණෝ ය. මාගේ මාර්ගය සර්ව සම්පූර්ණ කරන්නෝත් එතුමාණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 18:32
8 හුවමාරු යොමු  

එහෙත් අපෙන්ම වුණාක්මෙන් අප තුළෙන්ම යමක් යෝජනාකරන්ට අපගේ සමර්ථකමක් නැත; අපගේ සමර්ථකම දෙවියන්වහන්සේගෙන්ය.


මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.


ස්වාමීන්වහන්සේ මාගේ ශක්තියය, මාගේ පලිහය; මාගේ සිත උන්වහන්සේ කෙරෙහි විශ්වාසකෙළේය, මම උපකාර ලැබුයෙමි. එබැවින් මාගේ සිත අතිශයින් ප්‍රීතිවන්නේය; මාගේ ගීයෙන් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.


දෙවියන්වහන්සේ මාගේ බලකොටුවය. උන්වහන්සේ නිර්දෝෂ අයට මාර්ගය පෙන්වනසේක.


උන්වහන්සේ මාගේ රක්ෂාස්ථානයය, මාගේ බලකොටුවය; මා විසින් විශ්වාසකරන මාගේ දෙවියන්වහන්සේයයි ස්වාමීන් ගැන කියන්නෙමි.


ස්වාමීන්වහන්සේ රජකම් කරනසේක; උන්වහන්සේ මහිමශ්‍රීය පැළඳ සිටිනසේක; ස්වාමීන්වහන්සේ පැළඳ සිටිනසේක, උන්වහන්සේ ශක්තිය නමැති ඉඟපටිය බැඳගන සිටිනසේක. ලෝකයද නොසෙල්වෙන ලෙස පිහිටා තිබේ.


නැවතත් යුද්ධයක් විය. දාවිත් පිටත්ව ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධකොට ඔවුන් අතරේ මහත් නාස්තියක් කෙළේය; ඔව්හු ඔහු ඉදිරියෙන් පලාගියෝය.


තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් නුඹට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැත; අන් කිසිවෙකු ඇති බවක් නොදනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්