Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 19:19 - Sinhala Revised Old Version

19 හදර්එසෙර්ගේ සේවකයෝ තමුන් ඉශ්‍රායෙල් ඉදිරිපිට පැරදුණු බව දැක දාවිත් සමඟ සමාදානවී ඔහුට මෙහෙකළෝය. සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට කැමති නොවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 හදද්-එශෙර්ගේ සේවකයෝ තමන් ඉශ්රායෙල්වරුන්ට පරාජය වූ බව දැක, දාවිත් සමඟ සාමදාන වී ඔහුට මෙහෙකළෝ ය. ඉන්පසු සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්න කැමැති නොවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 හදද්-එශෙර්ගේ සේවකයෝ තමන් ඉශ්රායෙල්වරුන්ට පරාජය වූ බව දැක, දාවිත් සමඟ සාමදාන වී ඔහුට මෙහෙකළෝ ය. ඉන්පසු සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්න කැමැති නොවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 19:19
13 හුවමාරු යොමු  

ඔහු කථාකොට: මාගේ අධිපතීන් සියල්ලෝම රජවරු නොවෙද්ද?


ඔව්හු මා ගැන ඇසූ කෙණෙහිම මට කීකරුවන්නාහුය. විදේශීහු මට යටත්වන්නාහුය.


මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ මැඩපැවැත්වූසේක.


දාවිත්ගේ කීර්තිය සියලු රටවල පතළවී ගියේය; ස්වාමීන්වහන්සේ සියලු ජාතීන් පිටට ඔහු කෙරෙහි භයක් පැමිණෙවුසේක.


රජුන් සමඟ කුඩාරම්වල බොමින් සිටියාවූ බෙන්-හදද් තෙමේ ඒ කීම ඇසූ විට: යුද්ධයට සැරසෙන්නැයි තමාගේ සේවකයන්ට කීවේය. ඔව්හුද නුවරට විරුද්ධව සැරසී සිටගත්තෝය.


තවද සිරියේ රජවූ බෙන්-හදද් තමාගේ මුළු සේනාව රැස්කරගන තවත් රජවරුන් තිස්දෙදෙනෙක්ද අශ්වයන්ද රථද ඇතුව ඇවිත් සමාරිය වටලාගන ඊට විරුද්ධව යුද්ධකෙළේය.


එවිට හදර්එසෙර්ට සේවකයෝවූ සියලු රජවරු තමුන් ඉශ්‍රායෙල් ඉදිරියෙහි පරාජයවූ බව දැක ඉශ්‍රායෙල්වරුන් සමඟ සමාදානවී ඔවුන්ට සේවයකළෝය. මෙසේ සිරියවරු අම්මොන් පුත්‍රයන්ට තවත් උපකාරකරන්ට භයවූහ.


නුමුත් ඉශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් සිරියවරු පලාගියෝය; දාවිත් සිරියවරුන්ගෙන් රථ සත් දහසක මිනිසුන්ද පාබළ සෙනඟ සතළිස් දහසක්ද මරාදමා, සේනාපතියාවූ ෂෝපාක්ද මැරුවේය.


තවද ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත්ව යන කාලය පැමුණුණ විට, යෝවාබ් යුද්ධ සේනාව ගෙනගොස් අම්මොන් පුත්‍රයන්ගේ රට පාළුකොට, රබ්බාට ඇවිත් ඒක වටලාගත්තේය. නුමුත් දාවිත් යෙරුසලමෙහි නැවතී සිටියේය. යෝවාබ් රබ්බාට පහරදී එය නාස්තිකෙළේය.


ඉන්පසු අම්මොන් පුත්‍රයන්ගේ රජ මැරුණේය, ඔහුගේ පුත්‍රවූ හානුන් ඔහු වෙනුවට රජවුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්