තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.
1 ලේකම් 15:3 - Sinhala Revised Old Version දාවිත් තමා ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට පිළියෙළකළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් යෙරුසලමට රැස්කෙළේය. Sinhala New Revised Version දාවිත් තමා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පිළියෙළ කළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ජෙරුසලමට රැස් කෙළේ ය. Sinhala New Revised Version 2018 දාවිත් තමා සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට පිළියෙළ කළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්රායෙල්වරුන් ජෙරුසලමට රැස් කෙළේ ය. |
තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.
තවද ඔව්හු ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇතුළට ගෙනවුත් දාවිත් ඊට පිහිටුවා තිබුණ කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි එය තැබුවෝය. දාවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජා හා ශාන්ති පූජා ඔප්පුකෙළේය.
එවිට සාලමොන් දාවිත්ගේ නුවරවූ සියොනේ සිට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද සාලමොන් රජු වෙතට යෙරුසලමට රැස්කෙරෙවුවේය.
මුළු ඉශ්‍රායෙල් සභාවට කථාකොට: නුඹලාට හොඳව පෙනේ නම්, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේත් කැමතිවනසේක් නම්, මුළු ඉශ්‍රායෙල් දේශයෙහි ඉතුරුව සිටින අපේ සහෝදරයන්ටද ඔවුන් සමඟ තමුන්ගේ පිට-බිම් සහිත නුවරවල සිටින පූජකයන්ටද ලෙවීවරුන්ටද අප ළඟට රැස්වෙන්ට කියා සෑම දිශාවලට කියා යවා,
ඒ නිසා දාවිත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය කිරියත්-යෙයාරීම් සිට ගෙනෙන්ට මිසරයේ ෂීහෝර් ඔය පටන් හමාත්ට ඇතුල්වෙන තැන දක්වා සිටි සියලු ඉශ්‍රායෙල්වරුන් රැස්කෙළේය.
දාවිත් තෙමේ දාවිත්ගේ නුවර තමාට ගෙවල් සාදාගත්තේය; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට ස්ථානයක් පිළියෙළකොට ඊට කූඩාරමක් පිහිටෙවුවේය.
නුඹලා ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝය. නුඹලාත් නුඹලාගේ සහෝදරයොත් පිරිසිදුවී, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා විසින් ඊට පිළියෙළකර තිබෙන ස්ථානයට ගෙනෙන්න.
ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනවුත් දාවිත් විසින් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ තබා, දවන පූජාවල්ද ශාන්ති පූජාවල්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.
සාලමොන් සියලු ඉශ්‍රායෙල්වරුන්ට එනම් සහස්‍රාධිපතීන්ටද ශතාධිපතීන්ටද විනිශ්චයකාරයන්ටද පිය වංශවල ප්‍රධානීන් වූ මුළු ඉශ්‍රායෙල්හි අධිපතීන් සියල්ලන්ටද අණකෙළේය.
නුමුත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත් ඊට සූදානම්කළ ස්ථානයට කිරියත්-යෙයාරීම් සිට දාවිත් විසින් ගෙනැවිත් තිබුණේය. මක්නිසාද ඔහු යෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණේය.
එකල සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරවූ සියොන්හි සිට ගෙනෙන්ට ඉශ්‍රායෙල්ගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද යෙරුසලමට රැස්කෙරෙවුවේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා,
ඔව්හු මෝසෙස් අණකළ දේ සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිටට ගෙනාවෝය. මුළු සභාවද ළඟට අවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටියාය.