Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 8:1 - Sinhala Revised Old Version

1 එවිට සාලමොන් දාවිත්ගේ නුවරවූ සියොනේ සිට ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද සාලමොන් රජු වෙතට යෙරුසලමට රැස්කෙරෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එවිට සලමොන් රජ දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල් ජනයාගේ පිය පෙළපත්වල අධිපතීන් වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද තමන් වෙත ජෙරුසලමට රැස් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එවිට සලමොන් රජ දාවිත්ගේ නුවර වූ සියොන්හි සිට සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ඉශ්රායෙල් ජනයාගේ පිය පෙළපත්වල අධිපතීන් වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන් ද තමන් වෙත ජෙරුසලමට රැස් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:1
25 හුවමාරු යොමු  

මෙසේ දාවිත් හා ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝ ද සහස්‍රාධිපතීහුද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙදරින් ගෙනෙන පිණිස ප්‍රීතියෙන් ගියෝය.


ඉන්නිසා: බලව, තෝරාගත්, අනර්ඝ, කොනේ ප්‍රධාන ගලක්, සියොන්හි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ


මාගේ ධර්මිෂ්ඨකම ළංකරන්නෙමි, ඒක ඈත්ව නොතිබෙන්නේය, මාගේ ගැළවීමද ප්‍රමාද නොවන්නේය; මාගේ ගෞරවයවූ ඉශ්‍රායෙල්ට සියොන්හි ගැළවීම දෙන්නෙමි.


ඒ නිසා ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි. අදහන අය ඉක්මන් නොවන්නේය.


හිරකාරයාගේ සුසුම්ලීම අසන්ටත් මරණයට නියමවූවන් මුදන්ටත්


සියොන්හි වාසයකරන ස්වාමීන්ට ප්‍රශංසා ගී කියව්; සෙනඟ අතරේ උන්වහන්සේගේ ක්‍රියා ප්‍රකාශකරව්.


හත්වෙනි මාසය පැමිණ ඉශ්‍රායෙල් පුත්‍රයන් තමුන්ගේ නුවරවල සිටින අතර සෙනඟ එක් කෙනෙකුමෙන් යෙරුසලමට රැස්වූවෝය.


ඉන්පසු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පාස්කුව පවත්වන පිණිස යෙරුසලමෙහි ස්වාමීන්වහන්සේගේ ගෘහයට එන්ට කියා හෙසකියා ඉශ්‍රායෙල් රටද යූදා දේශයද මුළුල්ලෙහි කියා ඇරියේය, එප්‍රායිම් සහ මනස්සේටත් ලියුම් ලියා ඇරියේය.


තවද දාවිත් ඉශ්‍රායෙල්හි සියලු අධිපතීන් වන ගෝත්‍රවල අධිපතීන්ද රජුට සේවයකළ පංක්තිවල අධිපතීන්ද සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද රජුටත් ඔහුගේ පුත්‍රයන්ටත් අයිති සියලු වස්තුව සහ සම්පත්වල අධිපතීන්ද ඇමතියන් සහ බලවන්තයිනුත් සියලු බලවන්ත යුද්ධකාරයිනුත් සමඟ යෙරුසලමට කැඳවාගත්තේය.


ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙනවිට, සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා රජවූ දාවිත් පනිනවාත් නටනවාත් දැක, ඇගේ සිතින් ඔහු හෙළා දැක්කාය.


දාවිත් තමා ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට පිළියෙළකළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් යෙරුසලමට රැස්කෙළේය.


දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය; ඒ නිසා ඊට දාවිත්ගේ නුවරයයි නම් කළෝය.


සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.


ඔවුන් නාබොත්ගේ පාවරට පැමිණි විට හරක් දැඟලූ බැවින්, උස්සා දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට අත දිගුකොට එය ඇල්ලුවේය.


පසුව යෝෂුවා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස්කරවා, ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ද ඔවුන්ගේ ප්‍රධානීන්ද ඔවුන්ගේ විනිශ්චයකාරයන්ද ඔවුන්ගේ මුලාදෑනීන්ද කැඳවිය; ඔව්හු දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටියෝය.


යෝෂුවා සියලු ඉශ්‍රායෙල්වරුන් වන ඔවුන්ගේ වැඩිමහල්ලන්ද ප්‍රධානීන්ද විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද කැඳවා ඔවුන්ට කථාකොට: මම මහලුව වයෝවෘද්ධවසිටිමි.


එක එක ගෝත්‍රයට එක්කෙනෙකු බැගින් තමන් පිය පෙළපත්වල ප්‍රධානියෝවූ තැනැත්තෝද නුඹලා සමඟ වන්නෝය.


පසුව දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ නුවර තැන්පත්කරනු ලැබීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්