Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 15:1 - Sinhala Revised Old Version

1 දාවිත් තෙමේ දාවිත්ගේ නුවර තමාට ගෙවල් සාදාගත්තේය; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට ස්ථානයක් පිළියෙළකොට ඊට කූඩාරමක් පිහිටෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දාවිත් තමා උදෙසා ම දාවිත්ගේ නුවර ගොඩනැඟිලි සාදාගත්තේ ය. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ස්ථානයක් පිළියෙළ කොට ඊට කූඩාරමක් පිහිටෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දාවිත් තමා උදෙසා ම දාවිත්ගේ නුවර ගොඩනැඟිලි සාදාගත්තේ ය. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට ස්ථානයක් පිළියෙළ කොට ඊට කූඩාරමක් පිහිටෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 15:1
14 හුවමාරු යොමු  

ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනවුත් දාවිත් විසින් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ තබා, දවන පූජාවල්ද ශාන්ති පූජාවල්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.


ඔහු ස්වාමීන්ට දිවුරමින් යාකොබ්ගේ පරාක්‍රමයාණන්වහන්සේට භාරයක් වූ හැටි සිහිකළ මැනව.


දාවිත් තමා ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට පිළියෙළකළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් යෙරුසලමට රැස්කෙළේය.


ඔහු දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි කරුණාව ලැබ, යාකොබ්ගේ දෙවියන්වහන්සේට වාසස්ථානයක් සාදන්ට ඉල්ලුවේය.


රජද: ඔහු තමාගේ ගෙදරට යේවා, ඔහු මාගේ මුහුණ නොදක්නේයයි කීවේය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේය, ඔහු රජුගේ මුහුණ දුටුවේ නැත.


දාවිත් බලකොටුවෙහි වාසයකෙළේය, ඊට දාවිත්ගේ නුවරයයි නම් කෙළේය. දාවිත් මිල්ලෝ පටන් වටකරින්ද ඇතුළතින්ද ගොඩනැගුවේය.


තවද ඔව්හු ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇතුළට ගෙනවුත් දාවිත් ඊට පිහිටුවා තිබුණ කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි එය තැබුවෝය. දාවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජා හා ශාන්ති පූජා ඔප්පුකෙළේය.


ගිවිසුම් පෙට්ටිය පිහිටෙවුවායින් පසු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත්කරනු ලැබුවෝ මොව්හුය.


නුඹලා ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියෝය. නුඹලාත් නුඹලාගේ සහෝදරයොත් පිරිසිදුවී, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා විසින් ඊට පිළියෙළකර තිබෙන ස්ථානයට ගෙනෙන්න.


තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.


නුමුත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත් ඊට සූදානම්කළ ස්ථානයට කිරියත්-යෙයාරීම් සිට දාවිත් විසින් ගෙනැවිත් තිබුණේය. මක්නිසාද ඔහු යෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණේය.


එකල සාලමොන් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරවූ සියොන්හි සිට ගෙනෙන්ට ඉශ්‍රායෙල්ගේ වැඩිමහල්ලන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ පිය වංශවල අධිපතීන්වූ ගෝත්‍රවල සියලු ප්‍රධානීන්ද යෙරුසලමට රැස්කෙරෙවුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්