Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 6:17 - Sinhala Revised Old Version

17 තවද ඔව්හු ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇතුළට ගෙනවුත් දාවිත් ඊට පිහිටුවා තිබුණ කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි එය තැබුවෝය. දාවිත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දවන පූජා හා ශාන්ති පූජා ඔප්පුකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 6:17
12 හුවමාරු යොමු  

නුමුත් දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත් ඊට සූදානම්කළ ස්ථානයට කිරියත්-යෙයාරීම් සිට දාවිත් විසින් ගෙනැවිත් තිබුණේය. මක්නිසාද ඔහු යෙරුසලමෙහි ඊට කූඩාරමක් පිහිටුවා තිබුණේය.


දාවිත් තෙමේ දාවිත්ගේ නුවර තමාට ගෙවල් සාදාගත්තේය; ඔහු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට ස්ථානයක් පිළියෙළකොට ඊට කූඩාරමක් පිහිටෙවුවේය.


ස්වාමිනි, නැගිට ඔබගේ ශක්තියේ ගිවිසුම්-පෙට්ටිය ඇතිව, ඔබගේ නිවාඩු ස්ථානයට වැඩිය මැනව.


සාලමොන් රජද ඔහු වෙත රැස්ව සිටි මුළු ඉශ්‍රායෙල් සභාවද ගණින්ටවත් ගණන්කරන්ටවත් බැරිතරම් බැටළුවන් සහ ගවයින් පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය.


සාලමොන් රජු හා ඔහු වෙත රැස්ව සිටිය මුළු ඉශ්‍රායෙල් සභාව කියන්ටවත් ගණින්ටවත් බැරි තරම් බැටළුවන්ද ගවයින්ද පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය.


ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනවුත් දාවිත් විසින් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ තබා, දවන පූජාවල්ද ශාන්ති පූජාවල්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.


ඔහු උගේ තෙල සහ පිටිකොන්ද ළඟින් කපාගන්න මුළු තර වල්ගයද අතුණු වැසී තිබෙන තෙලද අතුණු පිට තිබෙන තෙල සියල්ලද,


ගිවිසුම් පෙට්ටිය පිහිටෙවුවායින් පසු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත්කරනු ලැබුවෝ මොව්හුය.


දාවිත් තමා ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියට පිළියෙළකළ ස්ථානයට එය ගෙනෙන පිණිස සියලු ඉශ්‍රායෙල්වරුන් යෙරුසලමට රැස්කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්