නුඹේ වංශයද රජකමද නුඹ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය. නුඹේ සිංහාසනයද සදාටම පිහිටුවනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.
1 ලේකම් 14:2 - Sinhala Revised Old Version දාවිත්ද තමා ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ස්වාමීන්වහන්සේ විසින් ස්ථිරකළ බව දැනගත්තේය, මක්නිසාද උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසා ඔහුගේ රාජ්‍යය උසස්වී තිබුණේය. Sinhala New Revised Version දාවිත් ද තමා ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට සමිඳාණන් වහන්සේ විසින් ස්ථිර කරන ලද බව දැනගත්තේ ය. මන්ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් උදෙසා ඔහුගේ රාජ්‍යය සමෘද්ධිමත් වී තිබුණේ ය. Sinhala New Revised Version 2018 දාවිත් ද තමා ඉශ්රායෙල්වරුන්ගේ රජ කොට සමිඳාණන් වහන්සේ විසින් ස්ථිර කරන ලද බව දැනගත්තේ ය. මන්ද, උන් වහන්සේගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් උදෙසා ඔහුගේ රාජ්‍යය සමෘද්ධිමත් වී තිබුණේ ය. |
නුඹේ වංශයද රජකමද නුඹ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය. නුඹේ සිංහාසනයද සදාටම පිහිටුවනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.
එබැවින් දැන් මාගේ මෙහෙකරුවූ දාවිත්ට මෙසේ කියන්න, සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන පිණිස බැටළු ගාලෙන්ද බැටළුවන් පස්සේ යාමෙන්ද නුඹ ගත්තෙමි.
ඉශ්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය.
තීර්හි රජවූ හීරාම් දාවිත්ට ගෘහයක් ගොඩනැගීම පිණිස ඔහු වෙතට පණිවිඩකාරයන්ද කිහිරි ලීද ගල්වඩුවන්ද වඩුවන්ද එවුවේය.
දාවිත් යෙරුසලමේදී තවත් භාර්යාවන් පාවාගත්තේය. දාවිත්ට දාව තව පුත්‍රයොත් දූවරුත් උපන්නෝය.
එහෙත් දෙවියන්වහන්ස, මේකත් ඔබගේ ඇස් හමුවෙහි මදිව, මතු කාලයට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කථාකොට, දෙවිවූ ස්වාමීන්වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූසේක.
මම ලී කපන්නන් වන ඔබගේ මෙහෙකරුවන්ට හෝජන පිණිස තිරිඟු කෝර විසි දහසක්ද යව කෝර විසි දහසක්ද මුද්‍රිකපාන බාත් විසි දහසක්ද තෙල් බාත් විසි දහසක්ද දෙන්නෙමියි කියා යැවීය.
එවිට තීර්හි රජවූ හූරාම් සාලමොන්ට ලියුමකින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟට ප්‍රේමකරන නිසා උන්වහන්සේ ඔබ ඔවුන් කෙරෙහි රජකොට පත්කළසේකැයි කීය.
මක්නිසාද මේ ප්‍රස්තාවේදී නුඹ නිශ්ශබ්දවම සිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනවා ඇත, නුමුත් නුඹ සහ නුඹේ පියවංශය නැතිවන්නේය. නුඹ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදැයි කියා කියන්ට අණකෙළේය.
මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය.
ඔහුගේ භාජනවලින් වතුර ගලායන්නේය, ඔහුගේ බීජද බොහෝ ජල මතුයෙහි වන්නේය, ඔහුගේ රජ ආගග්ට වඩා උසස්වන්නේය, ඔහුගේ රාජ්‍යය උතුම් වන්නේය.
තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස් කොට තබනසේක.