Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 2:10 - Sinhala Revised Old Version

10 මම ලී කපන්නන් වන ඔබගේ මෙහෙකරුවන්ට හෝජන පිණිස තිරිඟු කෝර විසි දහසක්ද යව කෝර විසි දහසක්ද මුද්‍රිකපාන බාත් විසි දහසක්ද තෙල් බාත් විසි දහසක්ද දෙන්නෙමියි කියා යැවීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ලී කපන ඔබේ මෙහෙකරුවන්ගේ ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන්‍ දෙදහසක් ද යව මෙට්රික් ටොන්‍ දෙදහසක් ද මුද්‍රික පාන ලීටර් හාරලක්ෂයක් ද තෙල් ලීටර් හාරලක්ෂයක් ද මම දෙන්නෙමි”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ලී කපන ඔබේ මෙහෙකරුවන්ගේ ආහාර පිණිස තිරිඟු මෙට්රික් ටොන් දෙදහසක් ද යව මෙට්රික් ටොන් දෙදහසක් ද මුද්‍රික පාන ලීටර් හාරලක්ෂයක් ද තෙල් ලීටර් හාරලක්ෂයක් ද මම දෙන්නෙමි”යි කියා යැවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 2:10
11 හුවමාරු යොමු  

සාලමොන්ද හීරාම්ගේ ගෙයි වැසියන්ට ආහාර පිණිස ගෝධුම කෝර විසිදහසක්ද හිඳපු තෙල් කෝර විස්සක්ද ඔහුට දුන්නේය. සාලමොන් අවුරුද්දෙන් අවුරුද්ද මෙසේ හීරාම්ට දුන්නේය.


ඔවුන් දෙන දෙයක් කමින් බොමින් එම ගෙයිම නැවතී සිටින්න. මක්නිසාද වැඩකාරයා තමාගේ කුලිය ලබන්ට සුදුසුය. ගෙයින් ගෙට නොයන්න.


රිදී තලෙන්ත සියයක් වුවත් තිරිඟු කෝර සියයක් වුවත් මුද්‍රිකපාන බාත් සියයක් වුවත් තෙල් බාත් සියයක් වුවත් ලුණු කොපමණ වුවත් ඉක්මනින් දෙන හැටියට ගඟ එගොඩ සිටින සියලු ගබඩාකාරයන්ට නියෝගයක් කරමි.


තවද සේදීම පිණිස පිත්තල භාජන දශයක් ඔහු සෑදුවේය. එක එක භාජනයේ බාත් සතළිසක් ඇල්ලුවේය. එක එක භාජනය රියන් හතරක් පළලය. අඩි දසයෙන් එක එක අඩිය පිට භාජනයත් තිබුණේය.


ඒකේ ඝනකම අල්ලක පළලය; ඒකේ ගැටිය පාත්‍රයක ගැටිය මෙන් මානෙල් මලක් ලෙස සාදන ලද්දේය. එහි බාත් දෙදාහක් ඇල්ලුවේය.


මට ලී බොහෝසෙයින්ම සූදානම්කළ යුතුව තිබේ. මක්නිසාද මා විසින් ගොඩනගන ගෘහය මහත්වූ ආශ්චර්යමත්වූ එකක් වන්නේය.


ඉතින් මාගේ ස්වාමියා කී තිරිඟුද යවද තෙල්ද මුද්‍රිකපානයද තමන් මෙහෙකරුවන්ට එවනු ලැබේවා.


තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.


දාවිත්ද තමා ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ස්වාමීන්වහන්සේ විසින් ස්ථිරකළ බව දැනගත්තේය, මක්නිසාද උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසා ඔහුගේ රාජ්‍යය උසස්වී තිබුණේය.


ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදෙසා රජකොට තමන්ගේ සිංහාසනයෙහි ඔබ පිහිටුවන්ට ඔබ කෙරෙහි ප්‍රසන්නවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා. ඔබගේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට ප්‍රේමකළ බැවින් ඔවුන් සදාකාලයටම ස්ථිරකරන පිණිස ඔවුන්ට විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ ඔවුන් කෙරෙහි රජකොට පත්කළසේකැයි කීවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්