Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 17:17 - Sinhala Revised Old Version

17 එහෙත් දෙවියන්වහන්ස, මේකත් ඔබගේ ඇස් හමුවෙහි මදිව, මතු කාලයට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කථාකොට, දෙවිවූ ස්වාමීන්වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එහෙත්, දෙවියන් වහන්ස, මෙය ද ඔබේ ඇස් හමුයෙහි සුළු දෙයක් වූ ලෙස තකා, මතු කාලයට ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කතා කොට, දෙවි සමිඳාණන් වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එහෙත්, දෙවියන් වහන්ස, මෙය ද ඔබේ ඇස් හමුයෙහි සුළු දෙයක් වූ ලෙස තකා, මතු කාලයට ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැන ඔබ කතා කොට, දෙවි සමිඳාණන් වහන්ස, උත්තම මනුෂ්‍යයෙකු හැටියට ඔබ මා සැලකූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 17:17
13 හුවමාරු යොමු  

එසේය, උන්වහන්සේ කථාකොට: යාකොබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරනලද ඉශ්‍රායෙල්වරුන් හැරවීමටත් නුඹ මාගේ සේවකයා වුණාට මදිය. පොළොවේ කෙළවර දක්වා මාගේ ගැළවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොටද දෙන්නෙමියි කියනසේක.


ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,


මේත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ්වරුන්ද නුඹලා අතට පාවාදෙනසේක.


ඇරත් නුඹේ සියලු දවස්වලදී රජවරුන් අතරේ නුඹට සමාන කෙනෙක් නොවන ලෙස ධනයද ගෞරවයද යන නුඹ නොඉල්ලූ දේත් නුඹට දුනිමි.


මම නුඹේ ස්වාමිහුගේ වංශයද නුඹේ ළයට නුඹේ ස්වාමිහුගේ භාර්යාවන්ද දුනිමි; ඉශ්‍රායෙල් සහ යූදා වංශයත් නුඹට දුනිමි; ඒ මදිනම් මම තවත් මේ මේ ආකාර දේ නුඹට දෙන්නෙමි.


එහෙත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මේකත් ඔබ ඉදිරියෙහි මදිව මතු බොහෝ කලකට ඔබගේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ කථාකළසේක; ඒත් ස්වාමිවූ දෙවියන්වහන්ස, මනුෂ්‍ය ප්‍රකාරයටය.


එවිට දාවිත් රජ ඇතුළට ගොස් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි හිඳ: දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ විසින් මෙපමණ දුරට මා ගෙනඊමට මම කවුද? මාගේ වංශය මොකක්ද?


ඔබගේ මෙහෙකරුවාට කළ ගෞරවය ගැන දාවිත් ඔබට තවත් කුමක් කියන්ටද? මක්නිසාද ඔබවහන්සේ ඔබගේ මෙහෙකරුවා දන්නාසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්