Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 14:1 - Sinhala Revised Old Version

1 තීර්හි රජවූ හීරාම් දාවිත්ට ගෘහයක් ගොඩනැගීම පිණිස ඔහු වෙතට පණිවිඩකාරයන්ද කිහිරි ලීද ගල්වඩුවන්ද වඩුවන්ද එවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 තීර්හි රජ වූ හීරාම් දාවිත්ට මාලිගාවක් ගොඩනැඟීම පිණිස ඔහු වෙත පණිවුඩකාරයන් ද කිහිරි ලී ද ගල් වඩුවන් ද වඩුවන් ද එවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 තීර්හි රජ වූ හීරාම් දාවිත්ට මාලිගාවක් ගොඩනැඟීම පිණිස ඔහු වෙත පණිවුඩකාරයන් ද කිහිරි ලී ද ගල් වඩුවන් ද වඩුවන් ද එවී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 14:1
16 හුවමාරු යොමු  

තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.


සාලමොන් තීර්හි හූරාම් රජුට පණිවිඩයක් යවමින්: මාගේ පියවූ දාවිත්ට වාසයකිරීමට ගෙයක් ගොඩනැගීම පිණිස ඔබ කිහිරි ලී එවීමෙන් ඔහු සමඟ ක්‍රියාකළාක් මෙන් මා සමඟත් ක්‍රියාකළමැනවි.


තවද දාවිත් ඉශ්‍රායෙල් දේශයෙහි සිටි සියලු විදේශීන් රැස්කරන්ට අණකොට, දෙවියන්වහන්සේගේ ගෘහය ගොඩනගන පිණිස හතරැස් ගල් කපන්ට ගල්වඩුවන් පත්කෙළේය.


තවද දාවිත් තමාගේ ගෙයි වසන කල්හි ප්‍රොපේත තැනවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම කිහිරි ලී ගෙයක වාසයකරමි, නුමුත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තිර ඇතුළෙහි වාසයකෙරේයයි කීවේය.


සාලමොන්ගේ වඩුවෝද හීරාම්ගේ වඩුවෝද ගෙබලිවරුද ඒවා කැපුවෝය, මෙසේ ගෘහය තැනීමට ඔව්හු ලී දඬුද ගල්ද සූදානම්කළෝය.


එබැවින් ලෙබනොන්හි කිහිරි ගස් මට කපා දෙන්ට අණකළ මැනවි; මාගේ වැඩකාරයෝ ඔබගේ වැඩකාරයින් හා සමඟ වන්නෝය; ඔබගේ වැඩකාරයන්ගේ කුලී ඔබ කියන ප්‍රකාරයටම ඔබට දෙන්නෙමි. මක්නිසාද ශීදොන්වරුන් මෙන් ලී කපන්ට දන්න කෙනෙක් අප අතරේ නැති බව ඔබ දන්නෙහියයි කියා ඇරියේය.


සාලමොන් ඔහුගේ පියාණන් වෙනුවට රජකොට ආලේපකරනු ලැබූ බව තීර්හි රජවූ හීරාම් අසා තමාගේ සේවකයන් ඔහු වෙතට එවුවේය. මක්නිසාද හීරාම් සෑම කල්හිම දාවිත්ට ස්නේහ ඇත්තෙක් විය.


රජ ප්‍රොපේතවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම දැන් කිහිරි ලී ගෙයක වසමි, එහෙත් දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිර ඇතුළේ වාසයකරනවායයි කීවේය.


දාවිත්ද තමා ඉශ්‍රායෙල් කෙරෙහි රජකොට ස්වාමීන්වහන්සේ විසින් ස්ථිරකළ බව දැනගත්තේය, මක්නිසාද උන්වහන්සේගේ සෙනඟවූ ඉශ්‍රායෙල් උදෙසා ඔහුගේ රාජ්‍යය උසස්වී තිබුණේය.


බර උසුලන්නෝ හැත්තෑ දහසක්ද කඳුවල ලී හා ගල්කපන්නෝ අසූදහසක්ද සාලමොන්ට සිටියෝය.


බර අදින පිණිස මිනිසුන් සැත්තෑ දහසක්ද කඳුවල ලී කපන මිනිසුන් අසූ දහසක්ද ඔවුන් කෙරෙහි මුලාදෑනීන් තුන්දහස් හසියයක්ද නියමකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්