අපට විරුද්ධව උපා යෙදූ මනුෂ්‍යයාගේ පුත්‍රයන්ගෙන් පුරුෂයන් සත්දෙනෙකුන් අපට පාවාදුන මැනවි. අපිද ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් සාවුල් සිටි ගිබියාහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමුයයි කීවෝය. එවිට රජ: ඔවුන් දෙන්නෙමියි කීවේය.
1 ලේකම් 12:3 - Sinhala Revised Old Version එනම් ප්‍රධානියාවූ අහියෙසෙර් සහ යෝවාෂ්ය, ඔව්හු ගිබියාතිය ෂෙමායාගේ පුත්‍රයෝය; අස්මාවෙත්ගේ පුත්‍රයෝවූ යෙසීයෙල් සහ පෙලෙත්ය; බෙරාකාය; අනතෝතිය යේහුය; Sinhala New Revised Version එනම්, ප්‍රධානියා වූ අහියේසෙර් සහ ජෝවාෂ් ය. ඔව්හු ගිබියාහි ෂෙමායාගේ පුත්‍රයෝ ය. අශ්මාවෙත්ගේ පුත්‍රයන් වූ ජෙසීයෙල් සහ පෙලෙට් ය; බෙරාකා ය; අන්තෝතිය ජේහු ය. Sinhala New Revised Version 2018 එනම්, ප්‍රධානියා වූ අහියේසෙර් සහ ජෝවාෂ් ය. ඔව්හු ගිබියාහි ෂෙමායාගේ පුත්‍රයෝ ය. අශ්මාවෙත්ගේ පුත්‍රයන් වූ ජෙසීයෙල් සහ පෙලෙට් ය; බෙරාකා ය; අන්තෝතිය ජේහු ය. |
අපට විරුද්ධව උපා යෙදූ මනුෂ්‍යයාගේ පුත්‍රයන්ගෙන් පුරුෂයන් සත්දෙනෙකුන් අපට පාවාදුන මැනවි. අපිද ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් සාවුල් සිටි ගිබියාහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමුයයි කීවෝය. එවිට රජ: ඔවුන් දෙන්නෙමියි කීවේය.
ඔව්හු දකුණතින්ද වමතින්ද ගල් විසිකරන්ටත් දුන්නෙන් ඊගස් විදින්ටත් පුරුදු දුනුවායෝව, බෙන්යමින්හි සාවුල්ගේ සහෝදරයෝව සිටියෝය.
බලවන්තයන් තිස්දෙනාගෙන් එක්කෙනෙක්ව තිස්දෙනාගේ ප්‍රධානියාව සිටිය ගිබියෝනිය ඉෂ්මයියාය; යෙරෙමියාය, යහසියෙල්ය, යෝහානාන්ය, ගෙදේරාතිය යොසාබාද්ය;
සතරවෙනිදා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස්වුණෝය; ඔවුන් එහිදී ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවතයයි කියනලද්දේය.
එකල පණිවිඩකාරයෝ සාවුල් සිටි ගිබියාට ඇවිත් ඒ කාරණා සෙනඟ ඉදිරියෙහි කීවෝය. මුළු සෙනඟ ශබ්දනගා ඇඬූහ.