Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 20:26 - Sinhala Revised Old Version

26 සතරවෙනිදා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස්වුණෝය; ඔවුන් එහිදී ස්වාමීන්වහන්සේට ප්‍රශංසාකළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවතයයි කියනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 සතර වන දා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස් වුණෝ ය. ඔවුන් එහි දී සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවත යයි කියන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 සතර වන දා ඔව්හු බෙරාකා මිටියාවතේ රැස් වුණෝ ය. ඔවුන් එහි දී සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කළ බැවින් අද දක්වා තිබෙන පරිදි ඒ ස්ථානයට බෙරාකා මිටියාවත යයි කියන ලද්දේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 20:26
16 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟ බලා, ඔවුන්ට මිදීම සාදා දුන්සේක.


නුඹ අත්හරිනලද්දීයයි තවත් කියනු නොලබන්නෙහිය, නුඹේ දේශයට පාළුයයි තවත් නොකියන්නෝය. නුඹ ‍හෙප්ශීබා කියාද නුඹේ දේශය‍ බෙයුලා කියාද කියනු ලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ නුඹ කෙරෙහි ප්‍රසන්නය, නුඹේ දේශයද සරණපාවාගනු ලැබේ.


පොලු දිග බැවින් පොලුවල කෙළවරවල් ගිවිසුම් පෙට්ටියෙන් පිට දේව වාක්‍යස්ථානය ඉදිරියෙහි පෙනුණේය; නුමුත් ඒවා පිටතට පෙනුණේ නැත. ඒවා අද දක්වාම එහි තිබේ.


මෝසෙස් පූජාසනයක් ගොඩනගා ඊට යෙහෝවඃ-නිස්සී යන නම තැබීය.


ඔබගේ මෙහෙකරුවූ යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියන්නැයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමගිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය.


ස්වාමීන්වහන්සේ දාවිත්ගේ සියලු සතුරන් අතින්ද සාවුල්ගේ අතින්ද ඔහු ගැළවූ කල ඔහු මේ ගීතිකාවේ වචන ස්වාමීන්වහන්සේට කියනුයේ:


එවිට සාමුවෙල් ගලක් ගෙන මිශ්පාටත් ෂේන්ටත් අතරේ තබා: මෙතැන් දක්වා ස්වාමීන්වහන්සේ අපට පිහිටවූසේකැයි කියමින්, ඊට එබෙන්-එසෙර් යන නම තැබුවේය.


එය යෙරුසලම් වාසි සියල්ලන්ට සැලවිය; එහෙයින් ඒ බිමට ඔවුන්ගේ භාෂාවෙන් අකෙල්දමයයි කියනලදී, එනම් ලේ බිමය.)


ඒ ස්ථානයට බෙතෙල්යයි නම් තැබීය. එහෙත් පළමුවෙන් ඒ නුවර නම ලූස්ය.


එනම් ප්‍රධානියාවූ අහියෙසෙර් සහ යෝවාෂ්ය, ඔව්හු ගිබියාතිය ෂෙමායාගේ පුත්‍රයෝය; අස්මාවෙත්ගේ පුත්‍රයෝවූ යෙසීයෙල් සහ පෙලෙත්ය; බෙරාකාය; අනතෝතිය යේහුය;


යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.


එවිට යූදා සහ යෙරුසලමේ සියලු මනුෂ්‍යයෝද ඔවුන්ට පෙරටුව යෙහෝෂාපාට්ද ප්‍රීතියෙන් යෙරුසලමට හැරී යන්ට පිටත් වුණෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ සතුරන් ගැන ප්‍රීතිවෙන්ට ඔවුන්ට සැලැස්සූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්