Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 21:6 - Sinhala Revised Old Version

6 අපට විරුද්ධව උපා යෙදූ මනුෂ්‍යයාගේ පුත්‍රයන්ගෙන් පුරුෂයන් සත්දෙනෙකුන් අපට පාවාදුන මැනවි. අපිද ස්වාමීන්වහන්සේ විසින් තෝරාගත් සාවුල් සිටි ගිබියාහි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමුයයි කීවෝය. එවිට රජ: ඔවුන් දෙන්නෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඔහුගේ පුත්‍රයන්ගෙන් සත්දෙනෙකුන් අපට පාවා දුන මැනව. අපි ද සමිඳාණන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සාවුල් සිටි ගිබියාහි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔවුන් එල්ලා තබන්නෙමු”යි කී හ. එවිට රජ “මම ඔවුන් පාවා දෙන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 21:6
22 හුවමාරු යොමු  

සාමුවෙල් මුළු සෙනඟට කථාකොට: ස්වාමීන්වහන්සේ තෝරාගත් තැනැත්තාට සමාන කෙනෙක් මුළු සෙනඟ අතරේ නැති බව නුඹලාට පෙනෙනවාදැයි කීවේය. මුළු සෙනඟද රජු සැරදේවා කියා මොරගැසූහ.


එකල පණිවිඩකාරයෝ සාවුල් සිටි ගිබියාට ඇවිත් ඒ කාරණා සෙනඟ ඉදිරියෙහි කීවෝය. මුළු සෙනඟ ශබ්දනගා ඇඬූහ.


සාවුල් වනාහි ගිබියාහි තිබුණ තමාගේ ගෙදරට ගියේය; දෙවියන්වහන්සේ විසින් සිත පොළොඹවනලද සේනාවද ඔහු සමඟ ගියාය.


ඉන්පසු ඔව්හු රජෙකු ඉල්ලුවෝය. දෙවියන්වහන්සේ බෙන්යමින්ගේ ගෝත්‍රයේ මනුෂ්‍යයෙක්වූ කීෂ්ගේ පුත්‍රවූ සාවුල් සතළිස් අවුරුද්දකට ඔවුන්ට දුන්සේක.


එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි දමා ගියේය; ඔහු අහක්ව ගොස් එල්ලී මැරුණේය.


නුමුත් කොල්ලයට ඔව්හු අත නොපෙවුවෝය.


තවද යමෙක් මේ ආඥාව කඩකළොත් ඔහුගේ ගෙයින් බාල්කයක් උදුරා තබා ඔහු උස්සා එහි ගසා තබන හැටියටත් ඔහුගේ ගෙයද මේ නිසා කසළ ගොඩක් කරනු ලබන හැටියටත් නියෝගයක් කරමි.


එක්තරා මනුෂ්‍යයෙක් ඒ දැක යෝවාබ්ට දන්වමින්, අබ්සලොම් අලෝන ගසක එල්ලී ඉන්නවා දුටිමියි කීවේය.


තමාගේ මන්ත්‍රණය ලෙස නොකළ බව අහිතොපෙල් දැක, තමාගේ කොටළුවා සූදානම්කොට පිටත්ව ස්වකීය නුවරෙහි තිබුණ ඔහුගේ ගෙදරට ගොස්, තමාගේ ගෙදර කාරණා සකස්කොට තබා, එල්ලී මැරුණේය; ඔහු තම පියාගේ සොහොන්ගෙයි තැන්පත් කරනු ලැබීය.


එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ: ස්වාමීන්වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියාකොට නුඹ ආලේපකළසේක් නොවේදැයි කීය.


ඉන්පසු යෝෂුවා ඔවුන්ට පහරදී මරා, ගස් පහක එල්ලුවේය. ඔවුන් සවස දක්වා ගස්වල එල්ලා තබා තිබුණේය.


ඔහු හායිහි රජ සවස දක්වා ගසක එල්ලා තැබුවේය. ඉර බසින වේලාවේ ඔහුගේ මළකඳ යෝෂුවාගේ අණ පිට ගසින් බා, නුවර දොරකඩ හෙළා, මහත් ගල් ගොඩක් ඒ පිට ගොඩගැසුවෝය. එය අද දවස දක්වා තිබේ.


මරණය ලැබීමට සුදුසු පාපයක් කර මරනු ලැබුවාවූ යමෙක් නුඹ විසින් ගසක එල්ලනු ලැබුවේනම්,


එහෙත් ඔහු පූප සාදන්නන්ගේ නායකයා එල්ලා දැමීය.


පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ නුඹේ හිස නුඹ කෙරෙන් ඔසවා නුඹ ගසක එල්වන්නේය; පක්ෂීහු නුඹේ මාංස කඩා කන්නෝයයි කීය.


ඒ නිසා මට පසුව මාගේ වංශය නුඹ විසින් සිඳ නොදමන ලෙසත් මාගේ පිය වංශයෙන් මාගේ නම නැතිකරනොදමන ලෙසත් ස්වාමීන්වහන්සේගේ නාමයෙන් මට දිවුරන්නැයි කීවේය.


මක්නිසාද මාගේ පියාගේ මුළු වංශය මාගේ ස්වාමිවූ රජු ඉදිරියෙහි මරණයට සුදුස්සෝ වූහ. එසේවී නමුත් ඔබගේම මේසයෙන් කන තැනැත්තන් අතරේ ඔබ ඔබගේ මෙහෙකරුවා සිටෙවුවෙහිය. ඒ නිසා රජ්ජුරුවන්ට තවත් කන්නලව් කරන්ට මට ඇති යුතුකම මොකදැයි කීය.


දාවිත් සාවුල්ට දිවුරුම් දුන්නේය. ඉක්බිති සාවුල් ගෙදර ගියේය; නුමුත් දාවිත්ද ඔහුගේ මිනිස්සුද බලකොටුවට නැගී ගියාහ.


එනම් ප්‍රධානියාවූ අහියෙසෙර් සහ යෝවාෂ්ය, ඔව්හු ගිබියාතිය ෂෙමායාගේ පුත්‍රයෝය; අස්මාවෙත්ගේ පුත්‍රයෝවූ යෙසීයෙල් සහ පෙලෙත්ය; බෙරාකාය; අනතෝතිය යේහුය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්